සුරක්ෂා සිසු රක්ෂණාවරණය රක්ෂණ සංස්ථාවට

    December, 2, 2020

    සුරක්ෂා සිසු රක්ෂණාවරණය සපයා ගැනීම සඳහා රජයට අයත් රක්ෂණ සේවා සැපයුම්කරුවන් වෙතින් යෝජනා කැඳවා ඇති අතර, ඒ සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පමණක් යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

    ඒ අනුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමඟ කරන ලද සාකච්ඡා සම්මුතීන්ගෙන් අනතුරුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, සුරක්ෂා සිසු රක්ෂණාවරණය සපයාගැනීම සඳහා වන ප්‍රසම්පාදනය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙත ප්‍රදානය කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.