April, 27, 2018
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙසින් රනෙල් ටී. විජේසිංහ මහතා පත්කිරීමට නියමිත බව වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමක දී විජේසිංහ මහතා කියා සිටියේ, මේ සම්බන්ධයෙන් තමන්ට යෝජනාවක් ඉදිරිපත් වූ බවත්, මෙතෙක් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹ නැති බවත්ය.
“දැනට මේ ගැන confirm කරන්න බැහැ. ඒ ලියකියිවිලි තාම finalize වෙලා නැහැ. එසේ වුණාම කියන්න පුළුවන්.“
“යෝජනාවක් දීලා තියෙනවා. ආණ්ඩුව හැකි ඉක්මනින් commission එක reconstitute කරන්න හදනවා. Commission එකේ 10 දෙනෙක් ඉන්නවා. ඒ සියලු දෙනාගේ ලියකියවිලි ඔක්කොම බලලා ඒ තීරණය අමාත්‍යාංශය ගනී“, යැයි විජේසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
තිලක් කරුණාරත්න මහතා සභාපතිත්වය දරන වත්මන් කොමිසමේ සාමාජිකයෙකු ලෙස රනෙල් ටී විජේසිංහ මහතා කටයුතු කරනු ලබයි.
Video Story