සුරැකුම්පත් විනිමය කොමිසමට යටත් පර්පෙචුවල් වත්කම් ගැන තීරණයක්

    January, 12, 2018

    පර්පචුවෙල් ට්‍රෙෂරීස් ලිමිටඩ් ආයතනයට අදාළ අධීක්ෂණ කටයුතුවල දී අනාවරණය වූ කරුණු එා එතැන් පරීක්ෂණ වාර්තාව මගින් හඳුනාගත් අදාළ නීතිරීතිවලට අනුකූල නොවීමේ අවස්ථා සහ අනෙකුත් විමර්ෂනයන්ගෙන් හෙළි වූ කරුණු පදනම් කර ගෙන පර්පෙච්‍රවල් ට්‍රෙෂරීස් ආයතනයේ ප්‍රාථමික හාද්විතීයික වෙළෙඳපොළ කටයුතු අත්හිටුවීමටත්, එහි දේපළ බැහැර කිරීම වැළැක්වීමටත් 2016.11.07 වන දින මුදල් මණ්ඩලය විසින් නියෝගයක් නිකුත් කරන ලදී.

    අඛණ්ඩව සිදුකෙරුණු විමර්ෂනයන්ගෙන් හෙළි වූ කරුණු මත වරින් වර වැඩිදුර නියෝගයන් නිකුත් කෙරුණු අතර මේ වන විට ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු අත්හිටුවනු ලැබ ඇත. දේපළ බැහැර කිරීමෙන්, ලාභ බෙදා හැරීමෙන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව අනුමැතියකින් තොරව කිසිදු ගෙවීමක් සිදුකිරීමෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් ආයතනය වළක්වනු ලැබ තිබේ. මෙම නියෝජග 2018.07.06 දින දක්වා බල පැවැත්වේ.

    මහ බැංකුව භාරයේ ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ් ආයතනයට අයත් වත්කම් තහනමට ලක්කර ඇති අතර සුරැකුම්පත් හා විනිමය කොමිසම යටතට වැටෙන වත්කම් සම්බන්ධයෙන් ද සුදුසු පියවර ගන්නා ලෙස දන්වා ඇත.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද නිවේදනයක මේ බව සඳහන් වේ.