සුවිශේෂී “පසුගෙවීම් සේවා” ව්‍යාපෘතිය සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගම ජාතික ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ටතා රිදී සම්මානයෙන් පිදුම් ලබයි

    August, 7, 2018

    ශ්‍රීලංකන්  ගුවන් සමාගම  2018 ජාතික  ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ටතා  සම්මාන උළෙලේ දී  සංචාරක  සහ   කාර්ය  සම්පාදන  අංශය යටතේ විශිෂ්ට  ලෙස  කළමනාකරණය කරන ලද  ව්‍යාපෘති  ඇගයීම වෙනුවෙන්  ගුවන් සමාගමේ  “පසුගෙවීම් සේවා” (‘Book now Pay later’) ව්‍යාපෘතිය  සඳහා රිදී සම්මානයෙන් පසුගියදා  පිදුම් ලැබීය.මෙම සේවාව  ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රයේ  පාර්භෝගිකයන්  සදහා  ක්‍රෙඩිට්  කාඩ්පතක් නොමැතිව අන්තර්ජාලය  හරහා  සිය  ගුවන්  ප්‍රවේශපත්  වෙන්කරවා  ගැනීමේ  පහසුකම හිමිවේ.

    ගුවන්  සමාගමේ  තොරතුරු  තාක්ෂණ අංශ  ප්‍රධානී චාමර  පෙරේරා  මහතා   පසුගියදා  පැවැත්වූ සම්මාන උළෙලේ දී  සම්මානය ලබාගනිමින්  ප්‍රකාශ කර සිටියේ “     දිවයිනේ  අනෙකුත්  ප්‍රමුඛ  ආයතනික  සංවිධාන හා තරඟ  කරමින්  ලබාගත්  හෙයින්  මෙම   සම්මානය ශ්‍රීලංකන්  ගුවන්  සමාගම සදහා  සුවිශේෂී   සම්මානයක්  වන  බවයි.    මෙමගින්  ගුවන් සමාගමේ පාරිභෝගිකයන් සඳහා මූලික වූ ඩිජිටල් ක්‍රියාමාර්ගයක් ක්‍රියාවට නැංවීම සදහා   සියලුම  දෙනාගේ උපාය මාර්ගික  දැක්ම , අවශ්‍ය  නායකත්වය,සහ කණ්ඩායම් වශයෙන්  වැඩ කිරීම  පෙන්නුම් කරන  බවද  ඒ මහතා  වැඩිදුරටත්  කියා සිටියේය. මෙම පසුගෙවීම් සේවා” ව්‍යාපෘතිය ගුවන් සමාගමේ  දෙපාර්තමේන්තු රැසක්  එක්ව එනම්  ශ්‍රීලංකන් IT  සහ  E-Commerce  හා එක්ව දියත් කළ බව ඒ මහතා වැඩිදුරටත්  කියා සිටියේය.

    ගුවන් සමාගමේ  අභ්‍යන්තර වශයෙන් සැදුම් ලත් මෙම විෂය පිළිබඳ  දැනුම ඇති  ප්‍රවීණයන්ගේ කණ්ඩායමක් විසින්  මෙම නිර්මාණශීලී  නවෝත්පාදනය සහ  පිරිවැය ඵලදායී තොරතුරු තාක්ෂණ විසඳුම් ඉතාම සිත්ගන්නා සුළු ලෙස  නිර්මාණය කිරීමට කටයුතු  කර ඇත.  මෙම “පසුගෙවීම් සේවා” ව්‍යාපෘතිය මගින්  ගුවන් සමාගමේ  IT පද්ධති  විවිධ  දේශීය බැංකු  සහ විදේශ විනිමය ආයතන   ඒකාබද්ධ වී ගුවන් සංචාරකයන් සඳහා  සරල විසඳුමක් සමගින් පෙර නොවූ විරූ පහසුවක් සලසනු ලැබේ.  මෙය සුවිශේෂී ලෙස නිර්මාණය කර ඇති ක්‍රෙඩිට් කාඩ්පත්  නොමැති  අය සඳහා ක්‍රෙඩිට් සීමාව  සංචාරය සඳහා ප්‍රමාණයක් නොවන  අවස්ථාවන් හෝ  මාර්ගගතව ගුවන්  ප්‍රවේශපත්  මිළඳී  ගැනීමේ දී (online purchasing) තම ක්‍රෙඩිට්  කාඩ් පත  ලබාදීමට  අකැමැති  සංචාරකයන් වෙනුවෙන් ය.

    මෙම පාරිභෝගිකයන් කේන්ද්‍ර කරගත්  පද්ධතිය තුළින්   ශ්‍රී ලංකාවේ  සංචාරකයන් සඳහා  ගුවන් ප්‍රවේශපත් www.srilankan.com හරහා  ඕනෑම  ගුවන්  ගමනක්  වෙනුවෙන්  මිළදී ගැනීමේ  හැකියාව  පවතී.  පාරිභෝගිකයන් විසින්  'Pay later' විකල්පය තෝරා ගන්නා විට, ඔහු / ඇය ගෙවීම්  ආසන වෙන් කිරීමේ අංකය සහ මාර්ගිකව ගෙවීම් සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳව තහවුරු කිරීමේ විද්‍යුත් ලිපියක්  ලැබෙනු ඇත. මෙම ගෙවීම් සිදුකිරීම සඳහා පැය 48 ක කාලයක් ලබාදෙන අතර  ඒ සඳහා ගෙවීම්  ලංකා බැංකුව, කාගිල්ස් බැංකුව, කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව සහ සම්පත් බැංකුව ඇතුළු  සියලුම දිවයින පුරා ඇති  කාගිල්ස් ෆුඩ් සිටි වෙළඳසැල් හරහා සිදු කළ හැකිය.

    ශ්‍රීලංකන්  මගින් මෙම  පහසුකම  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ලෝක ව්‍යාප්ත මුදල් හුවමාරු සමාගමක්  මෙන්ම එහි  විදේශ විනිමය  ආයතනයක් වන  Al Ansari  විදේශ මුදල් හුවමාරු ආයතනය  හරහා  ගෙවීම්  සිදුකිරීමට අවස්ථාව ලබාදී ඇත.

    2018 ජාතික ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ටතා  සම්මාන උළෙල ඉදිරිපත් කරනු ලබන්නේ  ශ්‍රී ලංකා  ව්‍යාපෘති  කළමනාකරණ  ආයතනය  විසින්  වන අතර එමගින්  අංශ 8 ක් යටතේ  ව්‍යාපෘති  කළමනාකරණය සඳහා විශීෂ්ටතා එළිදැක්වූ ආයතන ඇගයීමට ලක්කරනු ලැබේ.  එම අංශ වන්නේ  රටේ සංවර්ධනයට කැපී පෙනෙන දායකත්වයක් ලබා දීම හෝ රටේ විශාල ප්‍රජාවක් සඳහා කැපී පෙනෙන දායකත්වයක් ලබාදීම, නායකත්වයෙන් යුත් ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ සංකල්පය,ශිල්පීය ක්‍රම, මෙන්ම විශීෂ්ට භාවිතයන් සහ න්‍යායන්  මේ සඳහා ඇගයීමට ලක්කරන ලදී. PMI ආයතනය ව්‍යාපෘති, වැඩසටහන් හා කළමණාකාරිත්ව වෘත්තිය සඳහා ලොව පිළිගත් වෘත්තීය සාමාජික සංගමයක් වන අතර ඊට ලොව පුරා මිලියන 2.9 ක් පමණ වෘත්තිකයින් සාමාජිකත්වය ලබා සිටියි. .

    මෙම පෙර ගෙවුම් සේවාව  සඳහා බ්‍රිතාන්‍ය  පරිඝණක  සමාජය විසින්  “ ගුවන් සේවා අභ්‍යන්තර “ කාණ්ඩය යටතේ සංවිධානය කරන ලද    ජාතික විශිෂ්ටතා තොරතුරු සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙලේදී  (National Best Quality ICT Awards)2017 වසරේ දී කුසලතා සම්මානයක් දිනා ඇත.  ශ්‍රීලංකන්  තොරතුරු තාක්ෂණ අංශය, ISO / IEC 27001: 2015 තොරතුරු ආරක්ෂණ කළමනාකරණය, ISO / IEC 20000-1: 2011 සඳහා තත්ත්ව කළමනාකරණ පද්ධති සඳහා සේවා කළමනාකරණ සහ ISO 9001: 2015 සඳහා සහතික කර ඇත.

     

    පින්තූරයශ්‍රීලංකන්  ගුවන්  සමාගමේ  තොරතුරු තාක්ෂණ  අංශ ප්‍රධානී චාමර  පෙරේරා  මහතා  ( මැද)    සම්මාන උළෙලේ දී  සම්මානය  ලබාගන්නා අයුරු