සුළු සහ මධ්‍ය පරිමාණ සමාගම් කොටස් වෙළෙඳපොළට එක් කර ගැනීම කේන්ද්‍ර කරගත් වැඩසටහන් රට පුරා 

    September, 16, 2019

    • ප්‍රථම වතාවට උතුරේ සමුළුවක්

    • මාතර ප්‍රදේශයේ ව්‍යවසායකයින්ගෙන් ඉහළ ප්‍රතිචාරයක්

    • ඉදිරියේදී පොළොන්නරුව සහ මඩකලපුව යන නගරවල සම්මන්ත්‍රණ

     

    කොළඹ කොටස් හුවමාරුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව එක්ව සංවිධානය කරනු ලබන සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ගොඩනැගුණු Empower පුවරුව පිළිබඳව දැනුවත් කිරිමේ වැඩසටහන් හරහා ප්‍රාදේශීය ව්‍යවසායකයින් සමඟ  අඛණ්ඩව සම්බන්ධ වීමට හැකි වී තිබේ. පසුගියදා යාපනය සහ මාතර යන ප්‍රදේශවල මෙම වැඩසටහන් පැවති අතර අනුරාධපුර, මීගමුව, කුරුණෑගල  සහ මහනුවර යන ප්‍රදේශවලද මෙම සමඑ පවත්වා ඇත. තවද සැප්තැම්බර් මාසයේදී පොළොන්නරුව (20) සහ මඩකලපුව (21) යන නගරවල  සම්මන්ත්‍රණ පැවැත්වීමට නියමිතය.

    ණය ප්‍රාග්ධනයට අමතරව, තවත් ක්‍රමවේදයන් තුලින් ප්‍රාග්ධනය උපයාගෙන තම සමාගම්හි වර් ධනය සඳහා කටයුතු කිරීමට අපේක්ෂා කරන ව්‍යවසායකයින් හට Empower පුවරුව අනගි අවස්ථාවක් ලෙස සඳහන් කල හැක. කොටස් මත පදනම් වු ප්‍රාග්ධනය රැස් කිරිම තුලින් ව්‍යවසායකයින් හට තම ණය බර අඩුකර ගැනීමට හැකි වන අතර සමාගමෙහි මුල්‍ය නම්‍යශිලිතාවය වර් ධනය කර ගැනීමටද අවස්ථාවක් සැලසෙනු ඇත.

    මෙම සම්මන්ත්‍රණ තුලින් සුළු සහ මධ්‍ය පරිමාණ සමාගම් හට කොටස් වෙළෙඳපොළ හා සම්බන්ධ වීමට ඇති අවස්ථා සහ එම ක්‍රියාවලිය පිළිබඳව සවිස්තරාත්මක දැනුම්දීමක් කිරීම විශේෂත්වයකි. මෙහිදී  ලැයිස්තුගත ක්‍රියාවලියේදී  ප්‍රධාන උපදේශකයන් ලෙස කටයුතු කරන Empower පුවරුවේ අනුග්‍රාහක  සමාගම්  සමඟ සම්බන්ධවී  සාකච්ඡා කිරීමට අවස්ථාව සැලසේ.

    පසුගියදා යාපනය නගරය කේන්ද්‍ර කොටගෙන පැවති සම්මන්ත්‍රණය උතුරු පළාතේ පවත්වනු ලබන කොළඹ කොටස් හුවමාරු ලැයිස්තුගතවීමක් හා සම්බන්ධ ප්‍රථම සමුළුව වන අතර එම අවස්ථාවට පළාතේ ව්‍යාපාරික ප්‍රජාවගෙන්  ඉහළ ප්‍රතිචාරයක් ලැබුනි.

    මෙහිදී ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවෙහි සභාපති රනේල් ටී විජෙසීංහ මහතා,  NDB ආයෝජන බැංකුවෙහි (NDB Investment Bank) සහකාර කළමනාකාර සුගිර් තන් අලගේසන් මහතා සහ කොළඹ කොටස් හුවමාරු යාපන ශාඛාවෙහි කළමනාකරු තිලිපන් මුතුකුමාරස්වාමී මහතාද සම්බන්ධවී Empower පුවරුවෙහි  ලැයිස්තුගතවීම පිළිබඳව ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කළේය. කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතාද මෙම අවස්ථාවට සම්බන්ධ විය.

    මාතර නගරය කේන්ද්‍ර කොටගෙන පැවති සම්මන්ත්‍රණයේදී දකුණු පළාතෙන් බිහි වු ලැයිස්තුගත සමාගමක් වන හරිස්චන්ද්‍ර මිල්ස් පී. එල්. සී. සමාගමෙහි  ගමන් මඟ සහ ලැයිස්තුගතවීමෙන් එම සමාගම ලබාගත් ප්‍රතිලාභ පිළිබඳව  පිළිබඳව දැනුම ලබාගැනීමට පැමිණි පිරිස් හට අවස්ථාව ලැබිණි. සමාගමේ අධ්‍යක්ෂවරියක් වන   ආර්. කේ. සමරසිංහ මහත්මිය සහ කළමනාකරණ ගණකාධිකාරී ප්‍රියංකා ප්‍රසාද් මහතා ද මෙම අවස්ථාවට සම්බන්ධ වු අතර ඇකියුටි පාර් ට්නර් ස්  සමාගමෙහි සාංගමික මුල්‍ය කටයුතු විශ්ලේෂක අපුර් ව ඩී. අල්විස් මහතා සහ කොළඹ කොටස් හුවමාරු මාතර ශාඛාවෙහි කළමනාකරු නිරෝධ අබේගුණවර් ධන මහතා කථිකයන් ලෙස සම්බන්ධ විය.