සූරියවැවට ‘ක්‍රිකට් ක්‍රීඩා පාසල’ යනුවෙන් ද්විභාෂා නව ජාතික පාසලක්. 2021 සිට 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම ඇරඹෙයි

    December, 1, 2020

    1989 වර්ෂයේදී දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි දිස්ත්‍රික්කයකට එකක් බැගින් ක්‍රීඩා පාසල් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත. එම සංකල්පය වඩාත් ඵලදායී අන්දමින් ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය එක්ව වැඩසටහනක් සැලසුම් කර ඇත. ඒ අනුව, අධ්‍යාපන සහ තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරුන් ඉදිරිපත් කළ පහත සඳහන් ඒකාබද්ධ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    * දැනට පවතින ක්‍රීඩා පාසල් 26ක යටිතල පහසුකම් සංවර්ධනය කිරීම.

    * පහත සඳහන් පාසල් විශේෂ ක්‍රීඩා පාසල් වශයෙන් සංවර්ධනය කිරීම.

    i සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන පරිශ්‍රයේ 'ක්‍රිකට් ක්‍රීඩා පාසල' යනුවෙන් ද්විභාෂා නව ජාතික පාසලක් ආරම්භ කර සංවර්ධනය කිරීම හා 2021 වර්ෂයේ සිට 6 වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම.

    ii පැල්වත්ත නවෝද්‍යා පාසල මලල ක්‍රීඩා/වොලිබෝල් ක්‍රීඩා සඳහා වන පාසලක් ලෙස සංවර්ධනය කිරීම.

    iii පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලය මලල ක්‍රීඩා සඳහා සංවර්ධනය කිරීම.

    iv මන්නාරම මුරුන්කන් මහා විද්‍යාලය පාපන්දු/මලල ක්‍රීඩා සඳහා සංවර්ධනය කිරීම.

    * නේවාසිකාගාර නොමැති ක්‍රීඩා පාසල්වල අලුතින් නේවාසිකාගාර ඉදි කිරීම සහ පවතින නේවාසිකාගාර සංවර්ධනය කිරීම.

    * ක්‍රීඩා ශිෂ්‍යාධාර හා අනෙකුත් දීමනා වර්තමානයට ගැළපෙන අයුරින් වැඩි කිරීම.