‘සෙන්කඩගල‘ ට නෙදර්ලන්තයෙන් ඩොලර් මිලියන 25ක්

    July, 2, 2020

    මෙරට ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන සෙන්කඩගල ෆිනෑන්ස් පීඑල්සී වෙත ඇමරිකානු ඩොලර් මිලියන 25 ක මූල්‍ය පහසුකමක් ලබා දීමට නෙදර්ලන්තයේ Nederlandse Financierings-Maatschappij voor Ontwikkelingslanden N.V කටයුතු කර ඇත.

    මේ පිළිබඳව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් සමාගම පවසන්නේ 2020 ජූනි 29 දින මෙම මූල්‍ය පහසුකම සමාගම වෙත ලැබුණු බවයි.

    සිය හරිත වාහන කළඹ (Green vehicle portfolio) වැඩිදියුණු කිරීම සඳහා මෙම ඩොලර් මිලියන 25 ක මූල්‍ය පහසුකම ලැබුණු බව සමාගම වැඩිදුරටත් කියා සිටී.