සෙලාන් ටිකිරි – සෑම දරුවෙකුම අගයන ගිණුමක්

    October, 19, 2017

    ජ්‍යෙෂ්ඨ කළමනාකරු, වගකීම් සේවා සහ නව මාධ්‍ය, දිනේෂ් ජෙබමනි මහතා සහ විකුණුම් හා අලෙවි ප‍්‍රධානී, ගාමික ද සිල්වා මහතා

    ළමා ඉතුරුම් ගිණුම් සම්බන්ධ පුරෝගාමියා ලෙස වසර 26 කට වඩා දිවෙන දිගු සාඩම්බර ඉතිහාසයකට හිමිකම් කියන සෙලාන් ටිකිරි ළමා ගිණුම මේ වනවිට ගනුදෙනුකරුවන්ගේ ජීවන රටා හා අවශ්‍යතාවන්ගේ වෙනස්කම් අනුව කාලානුරූපීව වැඩිදියුණු වී තිබේ. එදා මෙදාතුර දහස් ගණනක් දරුවන්ට ඉතිරි කිරීම හුරුකරවීමට මෙන්ම ඔවුන්ගේ අනාගතය සඳහා ශක්තිමත් පදනමක් සැකසීම උදෙසා අවශ්‍ය පසුබිම සකස් කිරීමට සෙලාන් ටිකිරි අමිල මෙහෙවරක් ඉටුකර ඇත.

    ශක්තිමත් අනාගත පරපුරක් බිහිකිරීම සඳහා මගපෙන්වීම් සිදුකිරීමට සෙලාන් ටිකිරි කවදත් කැපවී කටයුතු කර තිබේ. විශේෂෙන්ම ග‍්‍රාමීය සහ අඩු පහසුකම්ලාභී ප‍්‍රදේශ වල දරුවන්ට අත්වැලක් වෙමින් ඔවුන්ගේ අනාගතය වඩාත් යහපත් කිරීම සඳහා සෙලාන් බැංකුව විවිධ වැඩසටහන් ක‍්‍රියාවට නංවා ඇත.

    සෙලාන් ටිකිරි ගිණුමේ ඉතිහාසය සහ දැක්ම පිළිබඳව අදහස් දක්වමින් සෙලාන් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුල වගකීම් සේවා සහ නව මාධ්‍ය දිනේෂ් ජෙබමනි මහතා මෙසේ පැවසී ය.

    ‘‘සෙලාන් ටිකිරි ගිණුම සෙලාන් බැංකුවේ සාර්ථකම සංකල්ප වලින් එකක් ලෙස හඳුන්වා දීමට පුළුවන්. බැංකු ක්ෂේත‍්‍රයේ පෙරළියක් ඇතිකළ එම ගිණුම අද පවා ළමා ගිණුම් වලට ආදර්ශයක් ලෙස සැලකෙනවා. මේ ඔස්සේ දරුවන් තුළ ඉතිරි කිරීමේ පුරුද්ද ඇතිකිරීමට අමතරව ඔවුන් සාර්ථක අනාගත ව්‍යවසායකයන් බවට පත්කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමට අපට හැකිවුණා. අගය එකතු කළ ප‍්‍රතිලාභ පිරිනැමීම ආරම්භ කළ ප‍්‍රථම ළමා ඉතුරුම් ගිණුම වන්නේත් සෙලාන් ටිකිරි ගිණුමයි. මේ සියලූ සාධක සෙලාන් ටිකිරි නාමය දෙමාපියන් හා දරුවන් අතර බෙහෙවින් ජනප‍්‍රිය වීමට හේතු වුණා.

    ‘‘එසේම සෙලාන් ටිකිරි ගිණුමේ වර්ධනය සමගින් ඉන් ලැබෙන සේවාව හා ප‍්‍රතිලාභත් ඉහළ ගොස් ඇති නිසා ඊට සමගාමීව ගනුදෙනුකරුවන්ගේ තෘප්තියත් ඉහළ ගොස් තිබෙනවා. ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්හි සිදුවන වෙනස්කම් ක්ෂණිකව ග‍්‍රහණය කරගැනීමේ හැකියාව අප සතුයි. එම වෙනස්කම් වලට සමගාමීව අපගේ සේවාවන් වැඩිදියුණු කරන නිසා ගනුදෙනුකරුවන් අප කෙරෙහි බෙහෙවින් පැහැදී සිටිනවා.” දිනේෂ් ජෙබමනි මහතා පෙන්වා දුන්නේ ය.

    සෙලාන් ටිකිරි ගිණුම ආරම්භයේ පටන් වර්ධනය වූ ආකාරය සම්බන්ධයෙන් සෙලාන් බැංකුවේ විකුණුම් හා අලෙවි ප‍්‍රධානී ගාමික ද සිල්වා මහතා මෙසේ අදහස් දැක්වී ය. ‘‘සෙලාන් ටිකිරි ගිණුම් හිමියන්ට පිරිනමන ත්‍යාග හා සේවාවන්ද මේ වනවිට බෙහෙවින් දියුණු වී තිබෙනවා. සාම්ප‍්‍රදායික ත්‍යාග ක‍්‍රමයෙන් වෙනස් වී දරුවන් අතර බෙහෙවින් ජනප‍්‍රිය ත්‍යාග පිරිනැමීමට කටයුතු කිරීම මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. ඒ වගේම වතුර බෝතල්ල මග්, ඉතුරුම් කැට, වීඩියෝ ගේම් පෑඞ්, ස්කූටර්, දුරස්ථ පාලක හෙලිකොප්ටර්, DVD යන්ත‍්‍ර, ටැබ්ලට් පරිගණක සහ LED රූපවාහිනී යන්ත‍්‍ර වැනි ත්‍යාගත් විවිධ අවස්ථාවලදී පිරිනැමීමට අප කටයුතු කරනවා. සමාජයේ ප‍්‍රවණතා හා වටිනාකම් වල වෙනස්කම් නිවැරදිව හඳුනාගෙන ඒවාට අනුව හැඩගැසීමට නිරන්තරයෙන් කටයුතු කිරීම අපගේ සාර්ථකත්වයට එක ප‍්‍රධාන හේතුවක් ලෙස හැඳින්වීමට පුළුවන්. සෙලාන් ටිකිරි නිසා අපට දරුවන් ඉතිරි කිරීමට යොමුකරවීමට වගේම ඔවුන් ඉතා කුඩා අවධියේ සිටම ඔවුන්ගේ අනාගතය ගැන අවධානය යොමුකරවීමට දෙමාපියන්ට මගපෙන්වීමටත් හැකියාව ලැබී තිබෙනවා. මේ සියල්ල සමගින් සෙලාන් ටිකිරි ගිණුම් හිමි දරුවන්ට අනාගතයේදී ඔවුන්ගේ සිහින සැබෑ කරගැනීමට අවශ්‍ය ශක්තිමත් මූල්‍යමය පදනමක් හිමිවන බව අමුතුවෙන් කිව යුතු වන්නේ නැහැ.”

    ලෝක ළමා දින සැමරුම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගාමික ද සිල්වා මහතා සිහිපත් කළේ අඛණ්ඩව 4 වැනි වරටත් ලෝක ළමා මාසය සැමරීමට සෙලාන් ටිකිරි කටයුතු කර ඇති බවයි.

    ‘‘මෙම වසරේදී බැංකුව දිවයින පුරා ප‍්‍රමුඛ පෙළේ අලෙවිසැල් 18 කට අධික සංඛ්‍යාවක් සමග අත්වැල් බැඳගෙන සිටින අතර ඒ ඔස්සේ සෙල්ලම් බඩු, සෞඛ්‍ය සේවාවන්, පොත්පත් සහ තවත් බොහෝ කාණ්ඩ වලට අයත් භාණ්ඩ හා සේවාවන් සඳහා 50% ක් දක්වා ආකර්ෂණීය ඉතුරුම් හා දීමනා පිරිනැමීමට නියමිතයි. දිවයින පුරා සෙලාන් ශාඛා 100 කට අධික සංඛ්‍යාවක ලෝක ළමා මාසය සැමරීමට අප කටයුතු යොදා තිබෙනවා. තවද ඔක්තෝබර් මාසය තුළ රු. 1,500/- හෝ ඊට වැඩි මුදලක් දැනට තිබෙන සෙලාන් ගිණුමක හෝ අලූතින් ආරම්භ කරන ගිණුමක තැන්පත් කිරීමේදී සෙලාන් ටිකිරි සන්නාමය සහිත Digital Watch එකක් සහ වට්ටම් කූපන් පතක් පිරිනැමීමටද කටයුතු යොදා තිබීම විශේෂත්වයක්. මේ සියල්ල ඔස්සේ සෙලාන් ටිකිරි ගිණුම් හිමියන්ට මෙම මාසය කිසිදා අමතක නොවන මතක රැසක් තිළිණ කරන මාසයක් වේවි. ටිකිරි ගිණුම් හිමියන්ට Mydoctor.lk, Lumala City, Farlin Pvt. Ltd, Sala Enterprises, Browns Hospitals, Panther, DSI,  සරසවි පොත්හල, නවලෝක රෝහල, විජිත යාපා පොත්හල, Thilakawardena textiles, Harcourt’s Pharmacy,  ලංකා හොස්පිට්ල්ස්, DSI Bike සදීපා පොත්හල, Amana Takaful, Rainco සහ Bata වෙතින් විශේෂ වට්ටම් හිමිකර ගැනීම සඳහා වට්ටම් කූපන ලබාදීමටත් අප සැලසුම් කර තිබෙනවා.” ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

    ‘‘සෑම දරුවෙකුටම ඔක්තෝබර් මාසය පුරා සතුට හා විනෝදය සමීප කරදීමට අප වැඩසටහන් හා ක‍්‍රියාකාරකම් මාලාවක් සංවිධානය කර තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ සෑම ශාඛාවක්ම තමන්ට සුවිශේෂී වූ ටිකිරි පොළ, ප‍්‍රශ්න විචාරාත්මක තරග, සරුංගල් සැණකෙළි, මැජික් සංදර්ශන, ක‍්‍රීඩා සහ තවත් වැඩසටහන් රාශියක් සංවිධානය කිරීමයි. සුහද හදක් ඇති දේශීය බැංකුව ලෙස දරුවන් සිය දහස් ගණනකට මෙලෙස සතුට රැුගෙන ඒමට හැකිවීම ගැන අප ආඩම්බර වනවා.” ගාමික ද සිල්වා මහතා පැවසී ය.

    සෙලාන් ටිකිරි හා බැඳුණු සමාජයීය වටිනාකම් ගැන අදහස් දක්වමින් දිනේෂ් ජෙබමනි මහතා පැවසුවේ මෙසේ ළමා දින සැමරුම් මාසයක් පැවැත්වීමට අමතරව දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා වැදගත් වන වැඩසටහන් රාශියක් ක‍්‍රියාත්මක කිරීමට සෙලාන් බැංකුව කටයුතු කරන බවයි. බැංකුව මෙය සලකන්නේ තම ආයතනික ප‍්‍රජා සත්කාරයන්හි අනිවාර්ය අංගයක් වශයෙනි. ඉතිරි කිරීමේ වැදගත්කම සුහදව හා ප‍්‍රායෝගික ලෙස කියා දෙමින්, එය වඩාත් පහසුවෙන් සිදුකළ හැකි පදනමක් හඳුන්වා දීම ඔස්සේ දෙමාපියන්ට තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වගකීම්සහගත ලෙස කටයුතු කිරීම සඳහා මගපෙන්වීමට සෙලාන් ටිකිරි සමත් වී තිබේ. මෙය රටේ අනාගත පරපුර සුරක්ෂිත කිරීම සඳහා දක්වන ලද අමිල දායකත්වයක් ලෙස හැඳින්විය හැක.

    ‘‘ලෝකය වේගයෙන් නවීකරණය වෙමින් පවතින අද වැනි යුගයක දරුවන්ට සිය අනාගත ඉලක්ක හඹා යාම සඳහා නිසි කුසලතා සහ ආත්ම ශක්තිය තිබිය යුතුමයි. එමෙන්ම ඔවුන් තුළ තුළ ආදරය, සෙනෙහස හා අවංකභාවය වැනි ගුණාංග වර්ධනය කිරීම අත්‍යවශ්‍ය වනවා. ඔවුන් තම පවුලේ යහපත් පුරවැසියන් බවට පත්වන්නේ එවිටයි’’ දිනේෂ් ජෙබමනි මහතා පැවසී ය.