සෙලාන් බැංකුවේ නව ATM යන්ත‍්‍රය රාගම මූලික රෝහලේදී විවෘත කෙරේ

    October, 4, 2018

    ශ‍්‍රී ලාංකිකයන්ට වඩාත් පහසුවෙන් බැංකු සේවාවන් ලබාගැනීමේ අවස්ථාව උදාකිරීම සඳහා දරන උත්සාහයේ තවත් පියවරක් වශයෙන්, සිය නවතම ATM යන්ත‍්‍රය රාගම මූලික රෝහලේදී (කොළඹ උතුර ශික්ෂණ රෝහලේදී) විවෘත කිරීමට සෙලාන් බැංකුව පසුගියදා කටයුතු කළේ ය. 
     
    මෙම නව ATM යන්ත‍්‍රය නිසා දැන් රාගම සහ ඒ අවට ප‍්‍රදේශවාසීන්ට සෑම දිනකම, දවසේ පැය 24 පුරා ඉතාමත් පහසුවෙන් මුදල් ආපසු ගැනීම ඇතුළුව තවත් සේවාවන් රැසක් ලබාගත හැකි වේ. 
     
    මෙම වසරේදී අභිමානවත් 30 වැනි සංවත්සරය සමරන සෙලාන් බැංකුව, ගනුදෙනුකරුවන්ගේ පහසුව වෙනුවෙන් තම සේවාවන් වැඩිදියුණු කිරීම සඳහා පුළුල් වැඩසටහනක් ආරම්භ කර ඇති අතර තම දීපව්‍යාප්ත ශාඛා සහ ATM යන්ත‍්‍ර ජාලය තවතවත් පුළුල් කිරීමද එහි එක් පියවරකි. 
     
    ඡායාරූපය: සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්)  මලික් වික‍්‍රමනායක මහතා රාගම මූලික රෝහල් පරිශ‍්‍රයේ පිහිටි නව ATM යන්ත‍්‍රය විවෘත කළ අවස්ථාව.