සෙලාන් බැංකුවේ වාර්ෂික නත්තල් කැරොල් වැඩසටහන අඛණ්ඩව 28 වන වරටත්

    January, 3, 2019

    සෙලාන් බැංකුව වාර්ෂිකව පවත්වන නත්තල් කැරොල් වැඩසටහන මෙවරත් උත්කර්ෂවත් ලෙස ‘සෙලාන් ටවර්ස්’ හිදී පැවැත්විණි. වසර 28 ක් තිස්සේ අඛණ්ඩව පවත්වා ඇති එහි මෙවර තේමාව වූයේ  ‘Christmas Celebration from the heart’  යන්නයි.  මෙම නත්තල් කැරොල් ගීත ප්‍රසංගය මේ වනවිට අතිශයින් ජනප්‍රිය වැඩසටහනක් බවට පත්වී තිබේ. කවදත් සමාජය සමග සමීපව බැඳී කටයුතු කරන බැංකුවක් ලෙස ප්‍රසිද්ධ සෙලාන් බැංකුව, මෙම ප්‍රසංගය සැමට රසවිඳීමේ අවස්ථාව සලසා දීම සඳහා ෆේස්බුක් ඔස්සේ සජීවීව විකාශනය කරන ලද අතර 14,000 කට අධික පිරිසකට එය දැකබලා ගැනීමට අවස්ථාව ලැබී තිබිණි. 

     

    සෙලාන් බැංකුවේ කාර්ය මණ්ඩලයේ සේවය කරන කුසලතා සපිරි ගායක ගායිකාවෝ පිරිසක්, කිසිදු ජාති හා ආගම් භේදයකින් තොරව, මෙම නත්තල් කැරොල් ගී ප්‍රසංගයේ ගීත ගායනයට එක්වූහ. බොහෝ දෙනාගේ ආදරයට පාත්‍රවූ සාම්ප්‍රදායික නත්තල් ගීත මෙන්ම නව කැරොල් ගීතද මෙහිදී ගායනා කරන ලදි. සෙලාන් බැංකුවේ නැගෙනහිර කලාපයේ ශාඛාවල කාර්ය මණ්ඩලද මෙම ප්‍රසංගයේදී විශේෂාංග කිහිපයක් ඉදිරිපත් කිරීම විශේෂත්වයක් විය. 

     

    මෙම අවස්ථාව වෙනුවෙන් අදහස් දක්වමින් ගරු ෆිලීෂියන් පෙරේරා පියතුමන් ප්‍රකාශ කළේ, නත්තලේ සුභ පණිවිඩය, විශේෂයෙන් දුක් විඳින ජනතාවද ඇතුළුව, සියලුම දෙනා අතරේ බෙදා හදාගත යුතු බවයි. 

     

    නරඹන්නන්ගේ දායකත්වයද සමගින් සිදුකරන ලද සාමූහික ගායනයකින් අනතුරුව මෙම නත්තල් කැරොල් ගී වැඩසටහන නිමාවට පත්විය. ගායක ගායිකාවන්ගේ දරුදැරියන්ද 'Silent Night' අනෙකුත් ජනප්‍රිය නත්තල් ගීත ගැයීමට එක්වූ අතර නත්තල් සීයා විසින් දරුදැරියන්ට තෑගි බෙදාදීමද සිදුකරන ලදි. ප්‍රසංගය නැරඹීම සඳහා සෙලාන් බැංකුවේ සභාපති රවී ඩයස් මහතා, අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න මහතා, අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන්, ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයන්, කාර්ය මණ්ඩලය, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහ ගනුදෙනුකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

     

    සෙලාන් බැංකුවේ ගායක කණ්ඩායම පුහුණු කරන ලද්දේ ආචාර්ය ප්‍රියේෂ්නි පීරිස් පෙරේරා මහත්මිය විසිනි. ප්‍රධාන ගායක කණ්ඩායම වර්නි ද සිල්වා, පවිත්‍රි කුරුවිටආරච්චි, මිත්මා ගොඩකන්ද, දිනිති ආසිංහ, චතුරිකා පෙරේරා, සිනලි සේනාධීර, ශැලන් රණසිංහ, අෂිනි ක්‍රිස්ටෝෆර්, සනෝලි ක්‍රිෂ්ණන්, නටාෂා රූපනාත්, මානි විද්‍යාපති, තරුන්දි දිසානායක, කිශානි පෙරේරා, ජනක ප්‍රනාන්දු, නලින් කරුණාරත්න, චින්තක ප්‍රනාන්දු, නස්රීන් බකර්, ඩී. හරීන්ද්‍ර, ෂෝන් ද සිල්වා, චාල්ස් වාස්, හේමාල් කුරුවිටආරච්චි, ජනක නිශාන්ත, චතුරංග ඩිල්ශාන් සහ පූරක හසේන්ද්‍ර යන අයගෙන් සමන්විත විය.