සෙලාන් බැංකුව මෙවරත් කැදැල්ල ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුග්‍රාහක සහ නිල බැංකු සේවා සහකරු බවට පත්වේ

    March, 19, 2019

    සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුව අඛණ්ඩව 6 වන වරටත් කැදැල්ල ඉදිකිරීම් ප්‍රදර්ශනය (Kedella Construction Expo 2019) සඳහා අනුග්‍රහය ලබාදීමට ඉදිරිපත් වී සිටී. කැදැල්ල යනු මෙරට ජනප්‍රියම නිවාස ප්‍රදර්ශනය ලෙස සැලකේ.

    ඒෂියා එක්සිබිෂන් ඇන්ඞ් කන්වෙන්ෂන් (පුද්.) සමාගම විසින් සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනයට විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් 35,000 කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතය.

    මෙහිදී ජනතාවට තම නිවාස සිහිනය සැබෑ කරගැනීම සම්බන්ධයෙන් උපදෙස් ලබාදීමට මෙන්ම, නිවාස ණයක් ලබාගැනීම සඳහා අවශ්‍ය වන පරිපූර්ණ මගපෙන්වීම සිදුකිරීමට සෙලාන් බැංකුවේ නිවාස ණය සේවා විශේෂඥයන් කටයුතු කරනු ඇත.

    ඡායාරූපය: සෙලාන් බැංකුවේ අලෙවි හා විකුණුම් ප්‍රධානී ගාමික ද සිල්වා මහතා සමාරම්භක උත්සවය අමතමින්