සෙලාන් බැංකුව වෙළඳ සේවා අන්තර් සමාගම් බැඩ්මින්ටන් යුගල තරගාවලියේ කුසලාන ශූරතාව දිනයි

    March, 18, 2022

    පසුගියදා පැවති 2022 වෙළඳ සේවා අන්තර් සමාගම් බැඩ්මින්ටන් යුගල තරගාවලියේ කුසලාන අංශයේ ශූරතාව දිනාගැනීමට සෙලාන් බැංකු කණ්ඩායම සමත් විය.

    තුනට දෙකක් වශයෙන් ඩයලොග් කණ්ඩායම සහ තුනට එකක් වශයෙන් සම්පත් බැංකු කණ්ඩායම පරාජය කරමින් අවසන් තරගයට පිවිසි සෙලාන් බැංකු කණ්ඩායම, අවසන් තරගයේදී තුනට එකක් ලෙස ඩයලොග් කණ්ඩායම පරාජය කරමින් කුසලානය හිමිකර ගත්තේ ය.

    මංජුල පෙරේරාගේ නායකත්වයෙන් තරග වැදුණු සෙලාන් බැංකු කණ්ඩායමට රශාංග ප්‍රනාන්දු, තිමීර බෙන්තොටගේ, පමීෂා දිශාන්ති, දමින්ද ද සිල්වා, මධුෂිකා දිල්රුක්ෂි, ලසිඳු නිම්සර, මහින්ද ජයවීර, රවිප්‍රිය රන්තිලක සහ රේණු චන්ද්‍රිකා ද සිල්වා ඇතුළත් වූහ.

    කොළඹ 07 මලලසේකර මාවතේ පිහිටි වෙළඳ සේවා බැඩ්මින්ටන් සංගමයේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී තරගාවලිය පැවැත්විණි.

    Video Story

    Stock Market

    Exchange Rates