සෙලාන් බැංකුව සහ බ‍්‍රවුන්ස් හොස්පිට්ල්ස් එක්වී සෙලාන් ටිකිරි තෑගි පිරිනමයි

    August, 23, 2018

    සෙලාන් බැංකුව සහ බ‍්‍රවුන්ස් හොස්පිට්ල්ස් එක්වී අලූත උපන් බිලිඳුන්ට සෙලාන් ටිකිරි තෑගි පිරිනැමීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා ආරම්භ කෙරිණි. මේ යටතේ බ‍්‍රවුන්ස් රෝහලේදී උපත ලබන සියලූම බිලිඳුන් වෙනුවෙන් රු. 1,000 ක් වටිනා සෙලාන් ටිකිරි වවුචරය බැගින් ප‍්‍රදානය කෙරේ.

    මෙම තෑගි හිමිවන බිලිඳුන්ගේ දෙමාපියන්ට හෝ භාරකරුවන්ට, වවුචරය නිකුත් කළ දිනයේ සිට මාස 6 ක් ඇතුළත දිවයිනේ ඕනෑම සෙලාන් බැංකු ශාඛාවකදී සෙලාන් ටිකිරි ඉතුරුම් ගිණුමක් විවෘත කළ හැකි වේ. මෙම ගිණුම ආරම්භ කිරීමත් සමග ගිණුම් හිමි දරුවා, ගිණුමේ ඉතිරිය වර්ධනය වීමට සාපේක්ෂව තෑගි පිරිනමන සෙලාන් ටිකිරි තෑගි ක‍්‍රමයට නිතැතින්ම සුදුසුකම් ලබයි.

    මේ ආකාරයට විධිමත් ත්‍යාග ක‍්‍රමයක් මෙරටට හඳුන්වා දුන් ප‍්‍රථම ඉතුරුම් ගිණුම වන්නේ සෙලාන් ටිකිරි ඉතුරුම් ගිණුම ය. මෙම ත්‍යාග ක‍්‍රමය කාලයත් සමග වර්ධනය වෙමින් දරුවන්ට අගනා වටිනා ත්‍යාග පිරිනමමින් සිටින අතර දරුවන් තුළ ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කරවීම සඳහාද එය මහඟු මෙහෙවරක් ඉටුකරමින් සිටී.

    ඡායාරූපය: සෙලාන් බැංකුවේ අලෙවි හා විකුණුම් ප‍්‍රධානී ගාමික ද සිල්වා මහතා අදාළ අවබෝධතා ගිවිසුම බ‍්‍රවුන්ස් හොස්පිට්ල්ස්හි ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී චරිත ජයසිංහ මහතා සමග හුවමාරු කරගත් අවස්ථාව (මැද). සෙලාන් බැංකුවේ(වමේ) සහ බ‍්‍රවුන්ස් හොස්පිට්ල්ස්හි (දකුණේ) තවත් නියෝජිතයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.