සෙලාන් බැංකුව සහ CIMA අඛණ්ඩව 3 වන වරටත් අත්වැල් බැඳගනී

    March, 22, 2019

    ශ්‍රී ලංකාවේ මූල්‍ය කළමනාකරණ ගණකාධිකරණ වෘත්තිය තවදුරටත් නංවාලීමේ පියවරක් වශයෙන්, යළිත් වරක් ශ්‍රී ලංකා කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය (Chartered Institute of Management Accountants - CIMA) සමග අත්වැල් බැඳගැනීමට සෙලාන් බැංකුව කටයුතු කළේ ය. මෙම පාර්ශ්ව දෙක අඛණ්ඩව මෙවැනි හවුල්කාරීත්වයකට එළඹුණු 3 වන වසර මෙයයි.

    ඡායාරූපය: (වමේ සිට) වෙන්කට් රමනම් මහතා ( FCMA කලාපීය උප සභාපති - CIMA APAC ), සුරේෂ් ආර්. අයි. පෙරේරා මහතා (සාමාජික - Association Regional Advisory Panel - Mesana ), චම්පිකා දොඩම්ගොඩ මහත්මිය (ප්‍රධාන මූල්‍ය නිලධාරී - සෙලාන් බැංකුව) සහ ස්ටීවන් ස්වෙන්ටෝසෙල්ස්කි මහතා ( FCMA, CGMA - CIMA සභාපති)