සෙලාන් බැංකුව Most Admired Companies of Sri Lanka 2018 සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වෙයි

    October, 31, 2018

    සෙලාන් බැංකුව 2018 වසරේ ‘ශ‍්‍රී ලංකාවේ ගෞරවනීයතම ආයතන සදහා වන Most Admired Companies of Sri Lanka 2018  සම්මාන උළෙලේදී  සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. 
     
    ශ‍්‍රී ලංකාවේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය   (International Chamber of Commerce, Sri Lanka – ICCSL)    සහ කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය (Chartered Institute of Management Accountants – CIMA)  මගින් වසරක් පාසා සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙලේදී ශක්තිමත් මූල්‍ය ක‍්‍රියාකාරීත්වයක් පෙන්නුම් කළ සහ ව්‍යාපාර ලෝකය තුළ කීර්තියක් අත්පත් කරගැනීමට සමත් වූ සමාගම් ඇගයීමට ලක්වේ.