සෙලින්කෝ ලයිෆ් ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්වවල වටිනාකම දෙගුණ කරයි

    August, 23, 2023

    දේශීය ජීවිත රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් අධ්‍යාපන වියදම් ඉහළ යෑම සහ ජීවන වියදම කෙරෙහි ආර්ථික අර්බුදයේ බලපෑම සැලකිල්ලට ගනිමින්, පාසල් විභාගවල ඉහළ දස්කම් දක්වන සිසුන් සඳහා සමාගම විසින් ලබාදෙනු ලබන ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්වවල වටිනාකම ස්වෙච්ඡවෙන් දෙගුණ කරන බව නිවේදනය කර ඇත.

    මෙම සංවේදී සහ ත්‍යාගශීලී අභිනය සැප්තැම්බර් 16 දින පැවැත්වීමට නියමිත මීළග ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව ප‍්‍රදානයේදී, ශිෂ්‍යත්ව ලබා ගන්නා සිසුන්ට මහත්සේ ප‍්‍රයෝජනවත් වනු ඇතැයි සමාගම පවසයි.

    ඒ අනුව 2022 පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ටතා දැක්වූ සිසුන් 25 දෙනෙකුට වසර පහක් පුරා වාරික වශයෙන් ගෙවීමට නියමිත වූ රුපියල් 120,000 වෙනුවට රුපියල් 240,000 බැගින් හිමිවන අතර, 2021 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) සිසුන්ට පොරොන්දු වූ රුපියල් 84,000 වෙනුවට වසර දෙකක් තුළදී මාසිකව රුපියල් 168,000ක් හිමිවනු ඇත.

    2021 අ.පො.ස. (උසස් පෙළ) සමත්ව අදාල දිස්ත‍්‍රික්කවල ප‍්‍රථම ස්ථානයන් හිමිකර ගත් සිසුන් 25 දෙනෙකුට මෙතෙක් ලැබුණු මුදල වන රුපියල් 144,000, මේ අනුව රුපියල් 288,000 වනු ඇත. එසේම එම විභාගයේදී 02, 03 සහ 04 වැනි ස්ථාන හිමිකර ගත් සිසුන් 75 දෙනෙකු සඳහා මෙතෙක් එක් වරක් පමණක් ගෙවනු ලැබූ රුපියල් 30,000ක මුදල රුපියල් 60,000 දක්වා වැඩි කර ඇත.

    මේ අතර සෙලින්කෝ ලයිෆ් සමාගම නිවේදනය කර ඇත්තේ, 2021 සහ 2022 වසරවලදී ක‍්‍රීඩා, සෞන්දර්්‍යය, නවෝත්පාදන හෝ නිර්මාණශීලී ක්ෂේත‍්‍රවල ජාතික හෝ ජාත්‍යන්තර මට්ටමින් දස්කම් දැක්වූ සිසුන් 10 දෙනෙකුට පිරිනැමුණු රුපියල් 35,000ක මුදලද ඉදිරියේදී රුපියල් 50,000 දක්වා වැඩි කෙරෙණු ඇති බවයි.

    මෙම වැඩිකිරීම් හේතුවෙන් මේ වසරේ සෙලින්කෝ ලයිෆ් විසින් පිරිනැමීමට නියමිත ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්වවල මුළු වටිනාකම රුපියල් මිලියන 11 සිට රුපියල් මිලියන 22.4 දක්වා වර්ධනය වනු ඇත. අද වන විට මෙම යෝජනා ක‍්‍රමය යටතේ සිසුන් 3,034 දෙනෙකු සඳහා රුපියල් මිලියන 177කට වැඩි මුදලක් ලබාදී ඇත. මෙසේ ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්වවල නවතම සංස්කරණය සමගින්, සෙලින්කෝ ලයිෆ් මෙම අගය රුපියල් මිලියන 200 දක්වා ගෙන යනු ඇතිය.

    2022 වසරේ දී ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සෙලින්කෝ ලයිෆ් ‘වසරේ සන්නාමය’ ලෙසත්, ‘වසරේ සේවා සන්නාමය’ ලෙසත් නම් කළ අතර වර්ල්ඞ් ෆයිනෑන්ස් විසින් අඛණ්ඩව නව වන වසරටත් ශී‍්‍ර ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස සම්මානයට ලක් විය. 2023 SLIM-Kantar ජනතා සම්මාන උළෙලේ දී ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙස 17 වන වසරටත් සම්මානය දිනූ සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 35 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වෙළඳපල නායකත්වය දරා ඇත. 2022 වසරේ ශ‍්‍රී ලංකාවේ වඩාත් වටිනා සන්නාමය ලෙස බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් නම් කර ඇති සෙලින්කෝ ලයිෆ් අඛණ්ඩව තුන්වැනි වසරටත් ශ‍්‍රී ලංකාවේ ‘විශිෂ්ට සේවා ස්ථානයක්’ ලෙස ද සම්මාන ලැබීය. සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.