සෙලින්කෝ ලයිෆ් මෙරට දීප්තිමත් සිසු දරුවන් වෙත තවත් ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව 168 ක් පිරිනමයි

    February, 9, 2018

    සෙලින්කෝ ලයිෆ් සමාගමේ 17 වන ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහන මගින් පසුගියදා ශ‍්‍රී ලාංකේය තරුණ දරුවන් 168 දෙනෙකුට ශිෂ්‍යත්ව ප‍්‍රදානය කළ අතර අධ්‍යාපන අංශයේදී මෙන්ම පාසැල් බාහිර ක‍්‍රියාකාරකම් වලදී විශිෂ්ට දක්ෂතා දැක්වූ දරුවන්ගේ හැකියාවන් අගය කරමින් ඔවුන්ව දිරිමත් කිරීම මෙම වැඩසහනේ ප‍්‍රධාන අරමුණ වේ.

     

    මෙම ශිෂ්‍යත්ව ලබාගැනීම සඳහා දිවයිනේ සෑම දිස්ත‍්‍රික්කයක්ම නියෝජනය කරන පාසැල් දරුවන් තම දෙමව්පියන්, ගුරුවරුන් සමග කොළඹ නෙළුම් පොකුණ රඟහලේ ප‍්‍රධාන ශ‍්‍රවනාගාරයට පසුගියදා රැුස්වූ අතර මෙම ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අති උත්කර්ශවත් අයුරින් පවත්වන ලදී. මෙහිදී, නව ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීම සඳහා සෙලින්කෝ ලයිෆ් රුපියල් මිලියන 11 කට වැඩි මුදලක් වැයකර තිබීම කැපී පෙනේ.

     

    මෙම ශිෂ්‍යත්ව දිනාගත් සිසුන් අතරට 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහලින් සමත්වූ සිසු දරුවන්, අ.පො.ස. (සා/පෙළ* විභාගයෙන් විශිෂ්ඨ ලකුණු ලැබූ සිසු දරුවන්, අ.පො.ස. (උ/පෙළ) විභාගයෙන් ඉහළ ලකුණු ලැබූ සිසු දරුවන් සහ ක‍්‍රීඩා, සංස්කෘතික, කලා, නාට්‍ය හෝ නවෝත්පාදනය අතින් ජාතික හෝ ජාත්‍යන්තර වශයෙන් සම්මානයට පාත‍්‍රවූ සිසු දරුවන්  13 දෙනෙකු ඇතුළත් විය.

     

    මේ සමඟ, අධ්‍යාපන ක්‍ෂ්ත‍්‍රයේ මෙන්ම පාසැල් බාහිර ක‍්‍රියාකාරකම් වලදී දස්කම් දැක්වූ සිසු දරුවන් වෙනුවෙන් සෙලින්කෝ ලයිෆ් විසින් වසර 17 ක කාලයක් තුළදී රුපියල් මිලියන 131 ක මුදලක් ශිෂ්‍යත්ව ලෙස ප‍්‍රදානය කර තිබේ.

     

    මෙම ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීමේ උත්සව අවස්ථාවට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් සහභාගී වූ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් කළමනාකරණ ආයතනයේ කළමනාකරණ මණ්ඩල සභාපති, මහාචාර්ය අජන්ත ධර්මසිරි මහතා පැවසුවේ මෙම ශිෂ්‍යත්ව ලැබීම දරුවන්ට අභිශේකයක් මෙන්ම අභිමානයක් සහ අභියෝගයක් වන බවයිග මෙම අභියෝගය වන්නේ උපත සිට මරනය දක්වා අධ්‍යාපනය ලබමින් තම දැනුම අඛණ්ඩව වර්ධනය කිරීිමයි.

     

    තමාට අනාගත නායකයෙකු ලෙස සාර්ථකත්වයට පත්වීමට අවශ්‍ය නම් දක්ෂතාවය සහ ආත්ම විශ්වාසය යන ගුණාංග දෙකම අවශ්‍ය වන බව මහාචාර්ය අජන්ත ධර්මසිරි මහතා පැවසීය.

     

    මෙම අවස්ථාවට සහභාගී වෙමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, ආර්. රෙන්ගනාදන් මහතා අවධාරණය කළේ අධ්‍යාපනය තුළින් දැනුම ලබාගන්නා අතරම සිසුන් විසින් අනාගත රැකියා ලෝකයට අවශ්‍ය වන කණ්ඩායමක් ලෙස වැඩකිරීමේ ගුණාංගය සහ නායකත්ව හැසිරීම් පාසැල තුළදීම ඉගෙන ගැනීම වැදගත් වන බවයි. ඔහු සඳහන් කළේ සාර්ථකත්වය සඳහා දැනුම පමණක් ප‍්‍රමාණවත් නොවන බවත් පාසැලේදී බාහිර ක‍්‍රියාකාරකම්වල නිරතවීම අත්‍යවශ්‍ය වන බවයි.

     

    මෙම උත්සව අවස්ථාවේදී වඩාත් කැපී පෙනුණු අංගයක් වූයේ 2006 වසරේදී ප‍්‍රණාම ශිෂ්‍යත්වයක් දිනාගත් මේ වනවිට වෛද්‍යවරියක ලෙස කටයුතු කරන අන්ජලී පතිරණ මෙනවිය විසින් පැවැත්වූ කතාවයි. තමන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ප‍්‍රණාම ශිෂ්‍යත්වය මගින් කෙතරම් දිරිදීමක් වූවාදැයි ඇය පැහැදිලි කළාය.

     

    මෙම ශිෂ්‍යත්ව ප‍්‍රදානයේදී සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ගේ දරු දැරියන් අධ්‍යාපනික අංශයේදී දැක්වූ දස්කම් මෙන්ම බාහිර ක‍්‍රියාකාරකම් වලදී දැක්වූ දස්කම්ද සැලකිල්ලට ගනී. මෙහිදී, පහ වසර ශිෂ්‍යත්වයෙන් දිස්ත‍්‍රික් මට්ටමෙන් ඉහළම ලකුණු ලබාගත් සෙලින්කෝ ලයිෆ් ඔප්පු හිමියන්ගේ දූ පුතුනට හා අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයන්ගෙන් දිස්ත‍්‍රික් මට්ටමේ ඉහළම ප‍්‍රතිඵල ලබා ගන්නා සෙලින්කෝ ලයිෆ් ඔප්පු හිමියන්ගේ දරු දැරියන් වෙත මුදල් තිළිණ සහිත සෙලින්කෝ ලයිෆ් ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව ලබාදෙන අතර ක‍්‍රීඩාවල සංස්කෘතියල කලාවල නාට්‍ය සහ නව සොයා ගැනීම් සඳහා ජාතික හෝ ජාත්‍යන්තර මට්ටමේ ජයග‍්‍රහණයන් හිමි කරගත් තරුණ තරුණියන්ටද මුදල් තිලිණ පිරිනැමේx මේ වසරේ සිට ක‍්‍රියාත්මක වන පරිදි අx පොx ස උසස් පෙළ විභාගයේදී තම දිස්ත‍්‍රික්කයෙන් දෙවන, තෙවන සහ සිව්වන ස්ථාන දිනාගන්නා සිසුන් වෙනුවෙන් එක් වරකදී ගෙවන මුදල දෙගුණ කිරීමට සෙලින්කෝ ලයිෆ් කටයුතු කර තිබේ.

     

    පිට පිටම හතරවන වරටත් වර්ල්ඞ් ෆයිනෑන්ස් විසින් සෙලින්කෝ ලයිෆ් 2017 වසරේ මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස තෝරාගත් අතර 2004 වසරේ සිට ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොළ ප‍්‍රමුඛයා වෙමින් සමාගම විසින් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.

     

    සේයාරු සටහන - ජාතික කුසලතා සඳහා ප‍්‍රණාම ශිෂ්‍යත්ව ලැබූ ශිෂ්‍යාවක් ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් සහභාගී වූ මහාචාර්ය අජන්ත ධර්මසිරි මහතා (දකුණේ) සහ සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, ආර්. රෙන්ගනාදන් මහතා අතින් තම ශිෂ්‍යත්වය ලබාගනී.