July, 14, 2026
ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් සමාගමට අයත් 36 වැනි ශාඛා ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කරමින් කිරිඳිවැල ප්‍රදේශයේ නව පරිසර හිතකාමී ශාඛා ගොඩනැගිල්ලක් සඳහා මුල්ගල තැබීමත් සමඟ තිරසාර යටිතල පහසුකම් සංවර්ධනය සහ පාරිභෝගික සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සමාගම දක්වන අඛණ්ඩ කැපවීම යළිත් තහවුරු කර ඇත.
මෙම අවස්ථාවට සෙලින්කෝ ලයිෆ් හි සභාපති ආර්. රෙන්ගනාදන් මහතා, කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී තුෂාර රණසිංහ මහතා, සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය, කිරිඳිවැල ප්‍රදේශයේ ගනුදෙනුකරුවන් සහ විශේෂ ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වූහ.
සමාගමට අයිති ඉඩමක් තුළ මෙම නව ගොඩනැගිල්ල ඉදිකරනු ලබන අතර සමාගමේ හරිත ගොඩනැගිලි සංකල්පයට අනුකූලව පරිසර හිතකාමී සැලසුම් මූලධර්ම සහ බලශක්ති කාර්යක්ෂමතාවයෙන් සමන්විත තාක්ෂණයන් ඇතුළත් කරමින් මෙය සංවර්ධනය කරනු ලබයි.
වර්ග අඩි 3440ක ඉඩ ප්‍රමාණයකින් යුත් කිරිඳිවැල ශාඛා ගොඩනැගිල්ල ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය (NERD) විසින් දේශීයව සංවර්ධනය කරන ලද පෙර-සැකසූම් ඉදිකිරීම් තාක්ෂණය භාවිතයෙන් ඉදිකෙරේ. එම ගොඩනැගිල්ල ජාතික විදුලිබල පද්ධතිය මත යැපීම සම්පූර්ණයෙන්ම ඉවත් කරමින් සියයට සියයක්ම සූර්ය විදුලි බල පද්ධතියකින් ක්‍රියාත්මක වන පරිදි සැලසුම් කර ඇත.
යෝජිත ගොඩනැගිල්ලේ ප්‍රධාන තිරසාරත්ව ලක්ෂණ අතර ස්වාභාවික වාතාශ්‍රය ලබාදෙන සැලසුමක්, භූමි ස්වභාවයට ගැළපෙන සැලැස්මක්, බලශක්ති කාර්යක්ෂමතාව සහිත වායුසමීකරණ හා ආලෝකකරණ පද්ධති මෙන්ම වැසි ජලය රැස් කිරීමේ පද්ධතියක් ඇතුළත් වේ. මීට අමතරව අපජල පිරිපහදු මධ්‍යස්ථානයක් මගින් අපජලය ප්‍රතිචක්‍රීකරණය කර වැසිකිළි භාවිතය සහ උද්‍යාන නඩත්තුව සඳහා යොදාගනු ලබන අතර, වායුසමීකරණ සහ විද්‍යුත් උපකරණ සම්බන්ධයෙන්ද නැවත භාවිතය යන හරිත සංකල්පය අනුගමනය කරමින් පරිසරයට ඇති බලපෑම තවදුරටත් අවම කිරීමට සමාගම කටයුතු කර ඇත.
වාහන 10කට වැඩි සංඛ්‍යාවක් සඳහා ප්‍රමාණවත් වාහන නවතා තැබීමේ පහසුකම් සහිත මෙම නව ගොඩනැගිල්ල මගින් ගනුදෙනුකරුවන්ගේ පහසුව තවදුරටත් ඉහළ නැංවෙනු ඇත.
2025 දී අඛණ්ඩව 12 වන වසරටත් වර්ල්ඩ් ෆයිනෑන්ස් විසින් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස සහ 20 වන වසරටත් ‘වසරේ ජනතාවගේ ජීවිත රක්ෂණ සේවා සපයන්නා’ ලෙසත් පිළිගැනීමට ලක් වූ සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි. 2025 වසරේ දී ශ්‍රී ලංකාවේ වටිනා ම රක්ෂණ සන්නාමය ලෙස ශ්‍රේණිගත කරන ලද සෙලින්කෝ ලයිෆ් මෙරට සමස්ත සන්නාම අතුරින් 22 වන වටිනාම සන්නාමය ලෙසද බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් සඟරාව මගින් ශ්‍රේණිගත කරන ලදී.
සේයාරු සටහන: නව කිරිඳිවැල ශාඛා ගොඩනැගිල්ලේ මුල්ගල තැබීමේ අවස්ථාවට සෙලින්කෝ ලයිෆ් හි අධ්‍යක්ෂවරුන් එක් වූ අයුරු
Video Story