සෙලින්කෝ ලයිෆ් සිය නවතම හරිත ශාඛාව කඩවත විවෘත කරයි

    May, 8, 2018

    සෙලින්කෝ ලයිෆ් සමාගම සිය හරිත න්‍යාය පත‍්‍රය අනුව යමින් සමාගමටම අයත් ඉඩමක ඉදිකළ නවතම පරිසර හිතකාමී ශාඛාව පසුගියදා කඩවත නගරයේදී විවෘත කළේය.

    අංක 15්, ජය මාවත, කඩවත දරණ ස්ථානයේ පිහිටි වර්ග අඩි 6000 කින් සමන්විත මෙම තෙමහල් ශාඛාව තට්ටු හතරක් දක්වා පුළුල් කළ හැකිබව සමාගම සඳහන් කරයි. එකවර 50 දෙනෙකුට අසුන්ගත හැකි පුහුණු මධ්‍යස්ථානයකින් සමන්විත මෙම ශාඛාවටම වෙන්වූ මෝටර් රථ නතර කිරීමේ අංගනයක්ද ඉදිකර තිබේ. මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා 2017 ජනවාරි මාසයේදී මුල්ගල තැබූ බව සමාගම සඳහන් කරයි.

    ස්වභාවික ආලෝකය උපරිම අයුරින් ලබාගන්නා ලෙස සැලසුම් කර තිබෙන මෙම ගොඩනැගිල්ලට සම්පූර්ණයෙන්ම බලශක්තිය ලබාගන්නේ සූර්ය බලය මගිනි. මෙහිදී, සූර්ය බලශක්තිය මගින් කිලෝවොට් 20 ක විදුලිය ධාරිතාවයක් නිපදවන අතර ගොඩනැගිල්ල සඳහා නල ජලය ලබාගැනීම අවම කර තිබේ.  ඉතාමත් නවීන බලශක්ති කාර්යක්ෂමතාවයෙන් යුක්ත විදුලි බුබුළු වලින් සහ වායු සමීකරණ පද්ධති වලින් යුක්ත මෙම ගොඩනැගිල්ලේ වැසි ජලය රැුස්කර ගැනීමේ සහ අප ජලය ප‍්‍රතිචක‍්‍රියකරණය සඳහා පහසුකම්ද ඇත. සමාගම සඳහන් කරන්නේ මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ලී යොදාගත්තේ ඉතාමත් අඩුවෙන් බවයි.

    කඩවත හරිත ශාඛාව විවෘත කිරීම පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, ආර්. රෙන්ගනාදන් මහතා මෙසේ පැවසීය. ‘සෙලින්කෝ ලයිෆ් සමාගම මේ වසරේදී 30 වන සංවත්සරය සැමරුවා. ව්‍යාපාර කරන අතරම තිරසාර මෙහෙයුමක නිරත වෙමින් මෙරට මිලියනයක පමණ ජීවිත ආරක්ෂා කිරීමට ලැබීම පිළිබඳව අපි ආඩම්බර වෙනවා.’

    නව පරිසර හිතකාමී ආකෘතියට අනුව සමාගම විසින් හොරණ, පානදුර, වෙන්නප්පුව, බණ්ඩාරවෙල සහ හලාවත ශාඛා ගොඩනැගිලි ඉදිකර ඇත. සමාගම විසින් මේ වනවිට අනුරාධපුරය, ත‍්‍රිකුණාමලය, යාපනය, මඩකළපුව, මහනුවර, කළුතර, කුරුණෑගල, ගම්පහ, මාතර, ගාල්ල, තිස්සමහාරාමය, මීගමුව, රත්නපුරය, කොටහේන සහ ගල්කිස්ස යන ස්ථානවල සමාගමට අයත් ශාඛා ගොඩනැගිලි පිහිටුවා තිබෙන අතර මින් බොහෝ ප‍්‍රමාණයක් සඳහා මේ වනවිට විදුලිය ලබාගන්නේ සූර්ය බලශක්තිය මගිනි.

    මීට අමතරව, සෙලින්කෝ ලයිෆ් විසින් පරිසර හිතකාමී මෙහෙයුම් කටයුතුවල නව පිම්මක් පනිමින් මේ වනවිට කොළඹ නගරයේ තිබෙන විශාලතම සූර්ය විදුලිබල පද්ධතියක් කොළඹ 05 පිහිටි සිය මූලස්ථාන ගොඩනැගිල්ලේ ස්ථාපිත කර ඇත. මෙම පද්ධතිය මගින් කිලෝවොට් 63.18 ක විදුලි බලයක් උත්පාදනය කරනු ලබයි.

    මෙරට ජීවිත රක්ෂණ කර්මාන්තයේ වැඩිම ශාඛා ජාලය වන ශාඛා 250 ක් පවත්වාගෙන යන සෙලින්කෝ ලයිෆ් මෙරට දිස්ත‍්‍රික්ක 25 ආවරණය වන පරිදි ගම් සහ නගර 142 ක ශාඛා පවත්වාගෙන යයි.

    පිට පිටම හතරවන වරටත් වර්ල්ඞ් ෆයිනෑන්ස් විසින් සෙලින්කෝ ලයිෆ් 2017 වසරේ මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස තෝරාගත් අතර නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.

    සේයාරු සටහන - සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, ආර්. රෙන්ගනාදන් මහතා (ඉහළ, දකුණේ) සහ  අධ්‍යක්ෂවරුන් වන දේවාන් කුරේ මහතා සහ  පාලිත ජයවර්ධන මහතා (වමේ කෙළවරේම සහ වමේ සිට දෙවැන්නා) කඩවත නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්.