සොන්රිච් ඒෂියා සමාගම BWIO විශිෂ්ටතා සම්මාන දිනයි

    April, 10, 2023

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Network Marketing සමාගමක් වන සොන්රිච් ඒෂියා සමාගම Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන ප්‍රදානෝත්සවයේදී විශිෂ්ටම Network Marketing සමාගම ලෙස සම්මානය පිදුම් ලැබීය. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවති සම්මානය ප්‍රදානෝත්සවයේදී සොන්රිච් ඒෂියා සමාගමේ සභාපති ක්‍රිශාන්ත උඩුමුල්ලගේ මහතා වෙත සම්මාන පිරිනමන ලදී.

    අතරමැදියන්ගෙන් තොරව ඍජුව පාරිභෝගිකයන්ට නිෂ්පාදන අලෙවි කිරීමේ Network Marketing සංකල්පයට අනුව සොන්රිච් ඒෂියා සමාගම ආයුර්වේද, රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවි කරයි. 2013දී ඇරඹූ සොන්රිච් ඒෂියා සමාගමට දස වසරක් සපිරෙන මොහොතේදී මෙම සම්මානය හිමි වීම සුවිශේෂත්වයකි. බර අඩු කර ගැනීමට, දියවැඩියාව හා කොලොස්ටරෝල් ඇති වීමේ අවදානම අඩු කර ගැනීමට, කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම තරුණ පෙනුමක් හා පැහැපත් සමක් අත් කර ගැනීමට සොන්රිච් ඒෂියා සමාගම නිෂ්පාදන රැසක් හඳුන්වා දී ඇති අතර දෙස් විදෙස් පාරිභෝගිකයන්ගෙන් එම නිෂ්පාදනවලට ඉහළ ප්‍රතිචාර ලැබී ඇත.

    සොන්රිච් ඒෂියා සමාගමේ සුවිශේෂත්වය වන්නේ සෑම පාරිභෝගිකයෙකුටම නිෂ්පාදන මිල දී ගැනීමෙන් පසු එම නිෂ්පාදන තවත් අයෙකුට හඳුන්වා දෙමින් විකිණීම් කළ පසු 20% සිට විකුණුම් ගාස්තුවක් සහ විශේෂ වට්ටම් ලැබිය හැකි වීමත්, එමගින් ආයතනයේ අලෙවි ජාලයේ කොටස්කරුවෙකු වීමත්ය. “නෙට්වර්ක් මාකටින් සංකල්පය මනාව හසුරවමින් මෙරට වෙළෙඳපොළ ජය ගැනීමටත්, විදේශීය වෙළෙඳපොළට අපනයන සිදු කරමින් මෙරටට විදේශ විනිමය ගෙන ඒමටත් අප හැකි වුණා. මේ ජයග්‍රහණයේ කොටස්කරුවන් වන දිවයින පුරා විසිර සිටින අපේ පාරිභෝගිකයන් මෙන්ම අලෙවි නියෝජිතයන් සියලු දෙනා ඇතුළු මේ වෙනුවෙන් කැප වූ සැමට ආයතනය වෙනුවෙන් මගේ ස්තූතිය පුද කරනවා.” කළමනාකාර අධ්‍යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී කල්ප උදාන්ත මහතා පැවසීය.