සොෆ්ට්ලොජික් මැක්ස් 20 වැනි ප‍්‍රදර්ශනාගාරය ගල්කිස්සේදී සාඩම්බරයෙන් විවෘත කෙරේ

    June, 25, 2018

    එතෙක් මෙතෙක් නොවිඳි නැවුම් අත්දැකීම් සමගින්, ලෝකයේ අංක එකේ සන්නාම සහ නවතම නිෂ්පාදන පෙළක් රැගෙන ඔබ හමුවට

    පාරිභෝගිකයන්ට තව තවත් සමීපවීම ඉලක්ක කරගනිමින් සොෆ්ට්ලොජික් මැක්ස් නවතම ප‍්‍රදර්ශනාගාරයක් ගල්කිස්සේදී විවෘත කිරීමට සොෆ්ට්ලොජික් සමාගම පසුගියදා කටයුතු කළේය. අති උත්කර්ෂවත් අයුරින් පැවැති මේ අවස්ථාවට ආරාධිතයන් 100කට අධික පිරිසක් සහභාගි වී සිටියහ.

    සිය පාරිභෝගිකයා වෙත ‘උපරිම අත්දැකීමක් ලබාදීම’ යන සොෆ්ට්ලොජික් මැක්ස් පොරොන්දුව සාක්ෂාත් කරමින්, ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් අත්පත් කරගත් රූපවාහිනී යන්ත‍්‍ර, ශීතකරණ, රෙදි සේදීමේ යන්ත‍්‍ර සහ අනෙකුත් විදුලි උපකරණ සහ ශෘහ උපකරණ රැසක්, තරගකාරී මිලකට ලබාගැනීමට මෙහිදී අවස්ථාව හිමිවෙයි. සොෆ්ට්ලොජික් මැක්ස් හි පූර්ණ කළමනාකාරිත්වය සිදුවන්නේ සොෆ්ට්ලොජික් සමූහයේ පරිපාලිත සමාගමක් වන සොෆ්ට්ලොජික් රීටේල් පුද්ගලික සමාගම යටතේය.

    නැවුම් අත්දැකීම් රැසක් කැටිකොට ගත් සමාරම්භක උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් සමූහයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ අශෝක් පතිරගේ මහතා එක්ව සිටියේය. ගාලූ පාරේ අංක 156 ස්ථානයේ පිහිටි මේ දෙමහල් ප‍්‍රදර්ශනාගාරයට පැමිණ ආකර්ශනීය සාප්පු සවාරි අත්දැකීමක් විඳගන්නා ලෙසින් සොෆ්ට්ලොජික් රීටේල් පුද්ගලික සමාගමේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික් උපාය අංශයේ අධ්‍යක්ෂ ඉන්දුක පෙරේරා මහතා පාරිභෝගිකයන් වෙත විවෘත ආරාධනාවක්ද කරමින් මෙසේ ද පැවැසීය.

    ‘මහල් දෙකකින් සමන්විත ප‍්‍රදර්ශනාගාරයේ පහත මහල වර්ග අඩි 2500කින් හා ඉහත මහළ වර්ග අඩි 2900කින් යුතු වෙනවා. සොෆ්ට්ලොජික් ලයිෆ්ස්ටයිල් ගෘහ භාණ්ඩ සන්නාමයද ඇතුළු අලංකාර සහ සුවපහසු ගෘහ භාණ්ඩ මෙහිදී දැරිය හැකි මිලකට ලබාගත හැකියි. ඇඳ, මේස, කණ්ණාඩි මේස, සෝෆා, කෑම මේස කට්ටලද ඊට ඇතුළත්. අපි සතුව ඇති මෑතකදී හඳුන්වාදුන් ව්‍යායාම උපකරණ මාලාවද සුවිශේෂීයි’

    නව ප‍්‍රදර්ශනාගාරය විවෘත කිරීමත් සමඟ දිවයින පුරා පිහිටි සමස්ත සොෆ්ට්ලොජික් ප‍්‍රදර්ශනාගාර ප‍්‍රමාණය 220 දක්වා ඉහළ ගොස් ඇති අතර ඊට සොෆ්ට්ලොජික් මැක්ස් ප‍්‍රදර්ශනාගාර 20ක්ද අයත් වෙයි. අනෙක් සියලූ ප‍්‍රදර්ශනාගාරවලින් වෙනස් වූ ගල්කිස්ස ප‍්‍රදර්ශනාගාරයේදී, විවෘත සහ සුවපහසු පාරිභෝගික සේවාවක් අත්විඳීමට අවස්ථාව හිමිවෙයි.

    ලොව කීර්තිමත් සන්නාමයන් අතරට අයත් Panasonic, Samsung, Whirlpool, Candy, DELL, Acer, Nokia, Apple, TCL, Godrej සහ Vego වැනි සන්නාමවල රූපවාහිනී යන්ත‍්‍ර, ඕඩියෝ වීඩියෝ නිෂ්පාදන, ශීතකරණ, වායු සමීකරණ, මුළුතැන්ගේ උපකරණ, මහන මැෂින්, පරිගණක උපාංග, දුරකතන, ජංගම දුරකතන ආදියෙන් සමන්විත පළමු මහලේ සංචාරය කිරීමට මාධ්‍ය සඟයන් ඇතුළු පිරිසට අවස්ථාව හිමිවිය. තමන්ගේම සන්නාම ඉදිරිපත් කිරීම සඳහා මෑතකදී ගත් පියවරට අනුව යමින් සොෆ්ට්ලොජික් මැක්ස්මෝ සන්නාමය හඳුන්වාදීමට පසුගිය සමයේදී සොෆ්ට්ලොජික් ආයතනය කටයුතු කළේය. එ් අනුව හඳුන්වාදුන් සොෆ්ට්ලොජික් ප‍්‍රිස්ම් රූපවාහිනී යන්ත‍්‍ර ඇතුළු අනෙකුත් ගෘහ විදුලි උපකරණ ජනතාව අතර අතිශය ජනප‍්‍රියත්වයක්ද අත්පත් කරගෙන තිබේ.

    ඉතාලියෙන් ගෙන්වන Candy මුළුතැන්ගෙයි උපකරණ සඳහා පළමු මහලේ විශේෂ ස්ථානයක් වෙන් වී තිබේ. සොෆ්ට්ලොජික් ලයිෆ්ස්ටයිල්ස් ගෘහ භාණ්ඩ ප‍්‍රදර්ශනය කර ඇත්තේද පළමු මහලේ වන අතර රුපියල් 13,000 පටන් ශෘහ භාණ්ඩ මිලදීගත හැක. මෑතකදී හඳුන්වාදුන් Schwinn & Xterra සන්නාමයේ ස්මාර්ට්ෆිට් වගකීම් සහිත ව්‍යායාම උපකරණ ද මෙහිදී රුපියල් 19,900 සිට මිලදී ගැනීමේ හැකියාව පවතියි.

    සොෆ්ට්ලොජික් මැක්ස් පාරිභෝගිකයන් සඳහා ලබාදෙන පොලී රහිත පහසු ගෙවීමේ ක‍්‍රම, ආකර්ෂණීය තෑගි, එක්වර මුදල් ගෙවීමේදී ලබාගත හැකි 50%ක් දක්වා වූ සුවිශේෂී වට්ටම්, 35%ක් දක්වා වූ විශේෂ වට්ටම් සම`ග ක්‍රෙඩිට් කාඞ් සඳහා 0%ක පොලියට මාස 60 දක්වා ගෙවීමේ ක‍්‍රමවේද සම්බන්ධයෙන් මෙහිදී ජනතාව දැනුවත් කෙරිණි. වාහන නැවැත්වීමට පහසුකම් සහිත රථගාලක් ද ගල්කිස්ස ශාඛාව සතු වන අතර නිවස දක්වාම භාණ්ඩ ප‍්‍රවාහනය කිරීමේ පහසුකම්ද මෙහිදී සැපයේ.

    යාවත්කාලීන වූ නවීන ඉලෙක්ට්‍රොනික් තාක්ෂණික උපකරණ භාවිත කරන සොෆ්ට්ලොජික් මැක්ස් වෙතින් අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක්ද ලබා දෙයි. ‘සොෆ්ට්ලොජික් මැක්ස් වෙතින් ලබාගන්නා සෑම භාණ්ඩයක් සඳහාම විස්තීර්ණ වගකීම් සහතිකයක් ලබාදෙනවා. භාණ්ඩ මිලදීගැනීමේදී හා අලෙවියෙන් පසු උසස් පාරිභෝගික සේවාවක් ලබාදීමට අපි කටයුතු කරනවා’ යැයි ඉන්දුක පෙරේරා මහතා වැඩිදුරටත් පැවැසීය.

    අලෙවි, සෞඛ්‍ය, තොරතුරු තාක්ෂණ, මෝටර් රථ, නිවාඩු නිකේතන සහ මූල්‍ය සේවා යන ක්ෂේත‍්‍ර කිහිපයක් ඔස්සේ කීර්තියක් අත්පත් කරගත් සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් සමූහය මෙරට මූල්‍ය අංශයේ ප‍්‍රමුඛ හා වර්ධනීය ස්ථානයක් හිමිකරගෙන සිටියි. ලොව කීර්තිමත් සන්නාම රැුසක මෙරට බලයලත් අලෙවි නියෝජිතයා ලෙසින් කටයුතු කරන සොෆ්ට්ලොජික් ආයතනයේ මේ වන විට සේවයකයන් 9,000කට ආසන්න ප‍්‍රමාණයක් සේවයේ නිරතව සිටින අතර එහි ප‍්‍රධාන කාර්යාල ශ්‍රී ලංකාවේ සහ ඕස්ටේ‍්‍රලියාවේ පිහිටුවා ඇත.