සොෆ්ට්ලොජික් ලයිෆ් වසරේ විශිෂ්ටතම රක්ෂණ හිමිකම් ගෙවීම් සහ රක්ෂණ සේවා බෙදාහරින්නා ලෙස පිදුම් ලබයි

    September, 13, 2017

    ශ‍්‍රී ලාංකීය රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛ රක්ෂණ සමාගම් අතර නව්‍යකරණයේ හා වර්ධන වේගයේ ප‍්‍රමුඛ ස්ථානය උසුලන සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ සමාගම පසුගියදා පැවති ශ‍්‍රී ලංකා ජාතික රක්ෂණ සම්මාන ප‍්‍රධානෝත්සවයේදී 2016 වසරේ හොඳම රක්ෂණ අලෙවි බෙදාහැරීම් සම්මානය ^Excellence in Agency Distribution& සහ වසරේ විශිෂ්ඨතම හිමිකම් ගෙවීමේ සම්මානයෙන් (Excellence in Claims Service& පිදුම් ලැබීය. ශ‍්‍රී ලංකා ජාතික රක්ෂණ ආයතනය හා ඉන්දියාවේ Fintelekt ආයතනය ඒකාබද්ධව සංවිධානය කරන ලද මෙම සම්මාන ප‍්‍රධානය පසුගිය සතියේ ඉන්දියාවේ මුම්බායි නගරයේ පැවති දැවැන්ත ඉන්දියානු රක්ෂණ සම්මාන ප‍්‍රධානෝත්සව උළෙලේදී සිදු කරනු ලැබීය. ඉන්දීය රක්ෂණ ක්ෂේත‍්‍රයට අදාළව ඉහත කාණ්ඩයන් දෙක යටතේ ජයග‍්‍රහණය ලැබුයේ ඉන්දියාවේ දැවැන්ත Life Insurance Corporation yd Apollo Munich Health යන රක්ෂණ සමාගම වේ. සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ උපදේශක කණ්ඩායම ලාංකීය රක්ෂණ ක්ෂේත‍්‍රයේ විශිෂ්ඨතම අලෙවි බලකාය ලෙස සම්මානයට පාත‍්‍ර වීම සඳහා ඔවුන් ජනනය කරනු ලබන දැවැන්ත ව්‍යාපාර ධාරිතාවය, වාර්ෂික ව්‍යාපාර වර්ධන වේගය, ඵලදායිතාවය හා අවංකමයභාවය පාදක වියග සොෆ්ට්ලොජික් ලයිෆ් වෙත ඉදිරිපත් වන හිමිකම් ගෙවීම්වලට අදාළ ඉල්ලීම්වලින් 80% ක් එක් දිනක් තුළ ගෙවා නිම කිරීමට සමාගම සමත් වී සිටී.

    ජාත්‍යන්තර ඇගයීමක් සහිත මෙම සම්මාන උළෙල පිළිබඳව අදහස් දක්වන සොෆ්ට්ලොජික් ලයිෆ් හි කළමනාකාර අධ්‍යක්‍ෂ ඉෆ්තිකාර් අහමඞ් මහතා ‘‘ මෙබඳු ඉහළ පිළිගැනීමක් සහිත සම්මාන උළෙලකදී සම්මාන ද්විත්වයක් හිමිකර ගැනීම් ජීවිත රක්ෂණ සමාගමක් ලෙස අප ලද විශාල භාග්‍යයක්. අප ලබා දෙන උසස් සේවාවන් තුළින් මෙම ක්ෂේත‍්‍රයේ විශිෂ්ටත්වයට පත් වීම අපගේ අරමුණයි. එම අරුතින් අපි රක්ෂණ ක්ෂේත‍්‍රයේ අනෙකුත් තරගකරුවන්ට වඩා වෙනස් යැයි කිවහැකියි. ශ‍්‍රී ලංකාවේ සිටින විශිෂ්ටතම අලෙවි බලකාය අප සතුවන බැවින් අපගේ නව්‍ය කරණ රක්ෂණ සේවාවන් සෑම එකකින්ම පාරිභෝගික අවශ්‍යතා උපරිම වශයෙන් ආවරණය කිරීමට හැකි ව තිබෙනවා. අපි විශ්වාස කරන පරිදි රක්ෂණයේ මූලික වටිනාකම් ගොඩනැගෙන්නේ රක්ෂණ හිමිකම් ගෙවීම තුළින් මිස රක්ෂණ හිමිකම් ගෙවීමෙන් වැළකී සිටීමෙන් නොවේ. එබැවින් මෙම සම්මාන ද්විත්වයල අප සමාගම ජීවිත රක්ෂණ විශිෂ්ට සේවා මට්ටමකට ගෙන යෑම උදෙසා දැක්වූ ප‍්‍රයත්නයට ලබා දුන් ඉතාමත්ම ඉහළ පිළිගැනීමක් ලෙස හඳුන්වාදිය හැකියි’’ යනුවෙන් පැවසීය.

    2011 වසරේ සිට 2016 වසර දක්වා සොෆ්ට්ලොජික් ලයිෆ් හි වර්ධනයල ක්ෂේත‍්‍රයේ අනෙකුත් සමාගම්වල වර්ධනයේ සාමාන්‍ය මෙන් දෙගුණයක අගයක් ගන්නා අතර මෙම වර්ධනය කෙරෙහි සමාගමේ විකුණුම් බලකායෙහි අද්විතීය කාර්යසාධනය බෙහෙවින් ඉවහල් වී ඇත. ඔවුන්ගේ පුද්ගල සබඳතා කළමනාකරණ විධික‍්‍රම තුළින් විශිෂ්ට පාරිභෝගික සේවාවක් ලබා දීමට ඔවුන් තුළ ඇති නොපසුබට උත්සාහය ක්ෂේත‍්‍රයේ සෙසු තරගකරුවන්ට සාපේක්ෂව ඉහළ ස්ථානයක් ගනී. අලෙවි උපදේශකවරුන්ගේ ඵලදායීතාව ප‍්‍රශස්ත මට්ටමකින් වර්ධනය වී ඇති අතර සමාගමේ අලෙවි උපදේශකවරුන් 1565ක් විසින් රුපියල් බිලියන 1.697ක නව රක්ෂණ වාරික ආදායමක් වාර්ෂිකව සමාගමට ලබා දෙයි. මේ අනුව එක් රක්ෂණ උපදේශකයකු විසින් සමාගම වෙත ලබා දෙන වාරික ආදායමේ සාමාන්‍ය රුපියල් මිලියනයක්ට වැඩි වන අතර මෙය ක්ෂේත‍්‍රයේ සමාගම් අතර ඉහළම වාරික ආදායමේ සාමාන්‍ය ලෙස සැලකේ.

    සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ සමාගමේ විශිෂ්ටතම හිමිකම් ගෙවීමේ මේ සේවාව පිළිබඳව අදහස් දක්වන සමාගමේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී චූලා හෙට්ටිආරච්චි මහතා ‘‘ සෞඛ්‍ය රක්ෂණයන්ට අදාළ හිමිකම් ගෙවීම්වල සැලකිය යුතු ප‍්‍රගතියක් සමාගම විසින් ලබා ඇති අතර සෞඛ්‍ය රක්ෂණ හිමිකම්වලට අදාළ ගෙවීම් වලින් 80% ත් 90%ත් අතර සංඛ්‍යාවක් එක්දිනක් තුළ ගෙවීමට සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගමට හැකිවී තිබෙනවා. එමෙන්ම රක්ෂණ හිමිකම් වලින් ගෙවීම් 98% කට ආසන්න ප‍්‍රමාණයක රක්ෂණ හිමිකම් වැඩකරන දින 3ක් ඇතුළත ගෙවීමට අපට හැකි වී තිබෙනවා. ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රය තුළ මෙම තත්වය නිසැක වශයෙන්ම අද්විතීය වන අතර මේ සඳහා භාවිතා කරන නවීනතම තාක්ෂණයත් පාරිභෝගිකයින් අරමුණු කර ගත් අපගේ මෙහෙයුම් ක‍්‍රමවේදය මූලික වශයෙන්ම පාදක වී ඇති බව පැවසිය හැකියි. රක්ෂණ හිමිකම් ගෙවීමට අදාළව සමාගම විසින් අත්පත් කර සිටින විශිෂ්ටත්වය මත ක්ෂේත‍්‍රයේ අනෙක් සමාගම් අතර සොෆ්ට්ලොජික් ලයිෆ් මිණුම් දණ්ඩක් බවට පත්ව සිටිනවා. රක්ෂණ හිමිකම් ගෙවීම මගින් සමාගම කෙරෙහි පාරිභෝගික විශ්වාසය හොඳින් තහවුරු වන අතර මෙය තිරසාරව සමාගම පවත්වාගෙන යෑම සඳහා ඉහළ දායකත්වයක් ලබා දෙනවා’’ යනුවෙන් සඳහන් කළේය.

    සොෆ්ට්ලොජික් ලයිෆ් රක්‍ෂණ සමාගම ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය, අලෙවි, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, සංචාරක, මෝටර් රථ සහ මූල්‍ය සේවා යනාදී ක්ෂේත‍්‍රවල දැවැන්ත වර්ධනයක් සහ විවිධාංගීකරණය වූ ව්‍යාපාරික ජාලයක් හිමි සොෆ්ට්ලොජික් සමූහයේ සාමාජිකයෙකු වන සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී හි හිමිකාරීත්වය යටතේ පවතී. සමාගමේ සැලකිය යුතු කොටස් හිමියන් අතරට ගැනෙන නෙදර්ලන්තයේ FMO හා ජර්මනියේ DEG සමාගම් ජාත්‍යන්තර AAA සහතික ලත් ආයතන ලෙස පෙන්වා දියහැකි ය.