සොෆ්ට්ලොජික් ලයිෆ් 2017 MDRT ජයග‍්‍රාහකයින් ඇගයීමට ලක්කරයි

    October, 6, 2017

    MDRT බලකාය ගොඩනැංවීමට සූදානම්

     

    ශ‍්‍රී ලාංකීය ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වේගවත් වර්ධනයක් වාර්තා කරන සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ සමාගම තම අලෙවි උපදේශක බලකායෙහි MDRT ^Million Dollar Round Table& ව්‍යාපාරික පරිමාව ඉක්මවා 2017 වසරේ එම කඩ ඉම ජයග‍්‍රහණය කල සාමාජිකයින් වෙත සම්මාන පිරිනැමීම පසුගිය සැප්තැම්බර් මස 8වැනිදා අඟහරුවාදා, එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක ඇතුලූ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ සහභාගිත්වයෙන් සිදු කරන ලදී.

    ඇමරිකා එක්සත් ජනපදයේ  ඕර්ලෑන්ඞ් නගරයේ 2017 වසරේ ජූනි මස පවත්වන ලද මෙම සමුළුව ජයග‍්‍රහණය කළ සාමාජිකයින් 41 දෙනෙකුට අදාළ සහතික සහ සම්මාන ප‍්‍රදානය කරමින් උත්සව සභාව ඇමතූ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක ඉෆ්තිකාර් අහමඞ් මහතා සඳහන් කලේ සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ සමාගම තම සාමාජිකයින්ගේ වෘත්තීය මට්ටම ඉහළ නැංවීම සිය මූලික කාර්යභාරය ලෙසින් සළකන බවත් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහ අලෙවිකරණ දැනුම ගොඩනැංවීම වෙනුවෙන් ආයෝජනය කිරීම ආයතනයේ මූලික ක‍්‍රමෝපායන් අතර ප‍්‍රමුඛත්වයේ ලා ගැණෙන බවත්ය.

    2018 MDRT සමුළුව ජයග‍්‍රහණය කිරීමට මූලික සුදුසුකම් සපුරා ඇති තවත් විශිෂ්ට අලෙවිකරුවන් හැත්තෑවකට අධික සංඛ්‍යාවක් එම සමුළුවට විශේෂ ආරාධනයෙන් සහභාගි වූ අතර ඔවුනගේ වෘත්තීයභාවය ඔප් නංවනු වස් ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛ පුහුණු කරුවකු විසින් පවත්වන ලද විශේෂ පුහුණු වැඩසටහනක්ද ඔවුන් වෙනුවෙන් එදින දවස පුරා පැවැත්විණි.

    සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ සමාගමේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරි චූලා හෙට්ටිආරච්චි මහතා මෙම සමුළුව අමතමින්, MDRT සුදුසුකම් ලාභීන් විශාල ප‍්‍රමාණයක් ආයතනය සතුවීම සමාගමේ අලෙවි කණ්ඩායමේ වෘත්තීයමයභාවය හා ඵලදායිතාවය ප‍්‍රදර්ශනය කරන්නක් මෙන්ම දේශීය මට්ටමේ ජයග‍්‍රහණයන් අභිබවා ජ්‍යාත්‍යන්තර මට්ටමට සොෆ්ට්ලොජික් ලයිෆ් අලෙවිකරුවන් ලඟාවීම ආයතනයේ ජයග‍්‍රහණයක් බවද පැවසීය.

    සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ සමාගම ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය, පාරිභෝගික භාණ්ඩ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, සංචාරක, මෝටර් රථ සහ මූල්‍ය සේවා යනාදී ක්ෂේත‍්‍රවල දැවැන්ත වර්ධනයක් සහ විවිධාංගීකරණය වූ ව්‍යාපාරික ජාලයක් හිමි සොෆ්ට්ලොජික් සමූහයේ සාමාජිකයෙකු වන සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී හි හිමිකාරීත්වය යටතේ පවතී. සමාගමේ සැලකිය යුතු කොටස් හිමියන් අතරට ගැනෙන නෙදර්ලන්තයේ FMO හා ජර්මනියේ DEG සමාගම් ජාත්‍යන්තර  AAA සහතික ලත් ආයතන ලෙස පෙන්වා දියහැකිය.

    සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගමේ 2017 ඵෘඍඔ ජයග‍්‍රාහී සාමාජික සාමාජිකාවන් කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඞ්  මහතා සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී චූලා හෙට්ටිආරච්චි මහතා සමග.

    සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ සමාගමේ සාමාන්‍යාධිකාරී - ව්‍යාපාර සංවර්ධන - ඉන්දු ආටිගල මහතා රැස්ව සිටි පරිස අමතමින්.