හච් 555 සමගින් කනට රහ කථා ෆොන් එකෙන් අහන්න

    October, 26, 2018

    ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ජංගම දුරකථන ජාලය වන හච් විසින් සිය පාරිභෝගිකයන් වෙනුවෙන් කටහඬ පදනම් කරගත් තොරතුරු හා එදිනෙදා අවශ්‍යතා ආශ්‍රිත සේවා රැසක් ඇතුලත් 555 සේවාව දියත් කළේය. 
     
    මෙම සේවාව තුලින් රටේ ප්‍රසිද්ධ ජ්‍යෝතිෂ්‍ය වේදීන් සමග සම්බන්ධ වී ඔබේ රාශිය අනුව සතිපතා ජ්‍යෝතිෂ්‍ය අනාවැකි, දිනපතා රාහු කාලයන් හා සුභ හෝරාවන් දැනගත හැකි අතර, ජීවිතය හා වෘත්තීය දියුණුව දිරිමත් කිරීම් උපදෙස්, ජීවිතය හා යහපැවැත්ම සඳහා වූ ෆෙං ෂුයි උපදෙස් ද ලබා ගත හැක. තවද ජංගම නාට්‍ය වලට ඔබේ කැමැත්ත පරිදි සවන් දිමට  හැකි වන අතර අලුත් කතාංගයන්  දිනපතා මේ සදහා එක් වේ. විහිළු කළාපයට පිවිසීම තුළින් ඔබට කැමති ඕනෑම වේලාවක අලුත්ම විහිළු වලට සවන් දී විනෝද විය හැක. 
     
    555 අමතා ලබා ගත හැකි සේවාවන් අතරට අධ්‍යාපනික සේවාවන්ට සුවිශේෂී ස්ථානයක් හිමි වේ. British Council BC English Program  වැඩසටහන සම්බන්ධ වීම තුලින් සිය ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගැනීමටත්, තරග කළාපයට පිවිසීම තුළින් ක්‍රිකට් සිට සාමාන්‍ය දැනීම දක්වා ඔබ කැමති මාතෘකාවකින් පැනයන් තෝරාගෙන බහුවරණ ප්‍රශ්නවලට පිළිතුරු දී ලකුණු එක්රැස් කර අනෙක් අය සමඟ තරඟ කර වටිනා තෑගී දිනාගැනීමට අවස්ථාව හිමිවේ.
     
    මෙම සේවාවන් සදහා සේවා ගාස්තුව දිනකට රුපියල් 2 කේ  සිට වන අතර 555 අමතා ඕනෑම සේවාවක් ඉතා පහසුවෙන් ඕනෑම කෙනෙකුට සම්බන්ධ විය හැකි ආකාරයෙන් නිර්මාණය කර ඇත. 
     
    විශේෂයෙන්ම දැනට රටේ 60%ක පමණ ජනගහණයකට තවමත් ස්මාර්ට් ෆෝනයක් නොමැත. ඔවුන්ට මෙම සේවාව ඉතා වැදගත් වන අතර , ප්‍රමිතිගත අධ්‍යාපන  සේවා සහ විශ්වාසනීය තොරතුරු ලබා ගැනීම සදහා මනා පිටුවහලක් මෙම සේවාව ඔස්සේ ලබා දෙනු ඇත. 
     
    දිනෙන් දින වෙනස් වන දැනුම සහ වර්ධනය වන තාක්ෂණය පිළිබද අවධානයෙන් සිටින ආයතනයක් වශයෙන් හච් නිරන්තරයෙන්ම සිය පරිභෝගිකයන්ගේ  ජීවන තත්වයන් උසස් කිරීම සදහා වූ විවිධ සේවාවන් පිළිබද අත්හදා බැලීම් සිදු කරයි.