February, 27, 2019
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් මේ වන විට රෝග රාශියක් සඳහා ඖෂධ වර්ග නිෂ්පාදනය කරනු ලබන අතර, එම ආයතනය සහ අනෙකුත් පෞද්ගලික නිෂ්පාදකයින් විසින් දැනට මෙරටට අවශ්‍ය වන ඖෂධ ඒකක බිලියන 02 ක් පමණ වාර්ෂිකව නිපදවනු ලබයි.
එම ප්‍රමාණය වෙළෙඳපොළ ඉල්ලුමෙන් 12% ක් සපුරාලීමට ප්‍රමාණවත් වන අතර, ඉතිරි 88% ක වෙළෙඳපොළ ඖෂධ අවශ්‍යතාව ආනයනය කරනු ලබයි. ඒ සඳහා වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් පමණ වැය කරනු ලබයි.
නිෂ්පාදනය කරනු ලබන ඖෂධ සඳහා යොදා ගනු ලබන සංයෝග සඳහා දැරිය යුතු පිරිවැයෙන් 70% ක් පමණ ක්‍රියාකාරී මූලද්‍රව්‍ය සඳහා වැය කරනු ලබන අතර එම ක්‍රියාකාරී ඖෂධ මූලද්‍රව්‍ය නිපදවීමේ යන්ත්රාගාරයක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවීම මඟින් ඖෂධ සඳහා වැය වන විදේශ විනිමය විශාල වශයෙන් රට තුළ ඉතිරි කරගැනීමට හැකියාව ලැබේ.
ඒ අනුව, හම්බන්තොට ප්‍රදේශයේ අක්කර 200 ක භූමි ප්‍රදේශයක් තුළ ක්‍රියාකාරී ඖෂධ මූලද්‍රව්‍ය සහ නිම කළ ඖෂධ සංයෝග නිපදවීම සඳහා ඖෂධ කලාපයක් පිහිටුවීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story