June, 19, 2023
ප්‍රතිනැව්ගත කිරීම සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරායට පැමිණෙන වාහන ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන්, තවත් වාහන 5,000 ක් සඳහා ඉඩපහසුකම් සැලසීමට, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය තීරණය කර තිබේ.
ඒ අනුව තවත් වර්ග මීටර 68,000 ක ඉඩ ප්‍රමාණයක වාහන නැවැත්වීමේ ඉඩ පහසුකම් සඳහා වෙන්කීරීම වෙනුවෙන් ඩොලර් මිලියන 8 ක නව ආයෝජනයක් කිරීමට හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය පියවර ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය පවසන්නේ මෙම පරිශ්‍රය තුළ දැනට ආසන්න වශයෙන් ඒකක 28,000කට පහසුකම් සැලසීමේ හැකියාව ඇති බවත්, දැනට භාණ්ඩ ප්‍රතිනැව්ගත කිරීම සඳහා වරාය සක්‍රීයව භාවිතා කරන ප්‍රධාන නැව් මාර්ග නවයකට සේවා සපයනු ලබන බවත්ය. මෙහිදී ඉදිරි මාස කිහිපය තුළ නැව් මාර්ග කිහිපයක් හරහා විශාල ප්‍රතිනැව්ගත කිරීම් ප්‍රමාණයක් බලාපොරොත්තු වන බැවින්, වරාය කළමනාකාරිත්වය RORO (Roll-on/roll-off) අංගනයේ වේගවත් ව්‍යාප්තිය හදිසි අවශ්‍යතාවයක් ලෙස සලකා, එය පුළුල් කීරමේ තීරණය ගෙන තිබේ.
Video Story