හමීඩියා මහනුවර ප්‍රදර්ශනාගාරය නව මුහුණුවරකින් නව ස්ථානයක විවෘත කරයි

    March, 16, 2022

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමය වන හමීඩියා ආයතනය, සිය මහනුවර ප්‍රදර්ශනාගාරය අංක 398, පේරාදෙණිය පාර, මහනුවර යන ස්ථානයේ නව මුහුණුවරකින් පසුගියදා විවෘත කරන ලදී. නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් මහනුවර නගරාධිපති ගරු. කේසර සේනානායක මහතා සහභාගි වූ අතර විශේෂ ආරාධිත අමුත්තෙකු වශයෙන් මහනුවර ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය එස්. එම්. නියාස් සහභාගි වන ලදී. හමීඩියා කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ද මෙම අවස්ථාවට එක් විය.

    මෙම නව ප්‍රදර්ශනාගාරය, මහනුවර නගරයේ සහ ඒ අවට වෙසෙන පාරිභෝගිකයන්ට පහසුවෙන් ළඟාවිය හැකි ලෙසින් සහ වැඩි වාහන සංඛ්‍යාවක් නවතා තැබිය හැකි රථගාල් පහසුකම් සහිතව පිහිටා තිබේ. උසස් තත්ත්වයේ ඇඟලුම් නිෂ්පාදන ලබාදෙමින් සිය පාරිභෝගික ප්‍රජාව සමඟ තවදුරටත් සම්බන්ධ වීමට මෙම නව ප්‍රදර්ශනාගාරය හරහා හමීඩියා ආයතනය හට අවස්ථාව හිමිව තිබේ. සුවිශේෂී සංකල්පයක් මත ඉදිකර ඇති මෙම ප්‍රදර්ශනාගාරයේ දී පාරිභෝගිකයන් හට විවිධ විලාසිතාවන් වඩාත් නිදහසේ තෝරාගැනීමට මෙන්ම තමන් කැමති ගෙවීම් ක්‍රමවේදයක් උපයෝගී කරගෙන ඒවා මිලදී ගැනීමේ පහසුව ද නිර්මාණය කර තිබේ.

    සියලුම හමීඩියා ප්‍රදර්ශනාගාර මෙන්ම, මෙම නව ප්‍රදර්ශනාගාරයද පුළුල් නිෂ්පාදන සහ සේවා රැසක් පිරිනමයි. රාජකාරි, මංගල, සාමාන්‍ය, උත්සව අවස්ථා සඳහා ඇඟලුම්, ලිනන්, කමිස, ජැකට් සහ කලිසම් ආදීයේ විශාල පරාසයක පිරිමි ඇඟලුම් වර්ග රැසක් තෝරා ගැනීමේ අවස්ථාව මෙහිදී පාරිභෝගිකයන්ට හිමිවේ. එසේම මෙම ප්‍රදර්ශනාගාරය තුළ පුළුල් පරාසයක හම් නිෂ්පාදන සහ තමන් අපේක්ෂා කරන විලාසිතාවන්ට වඩාත් ගැළපෙන පිරිමි පැළඳුම් වර්ගත් එකම වහලක් යටින් තෝරා ගැනීමේ අවස්ථාව ලැබී ඇත- මීට අමතරව, කාන්තා සහ ළමා ඇඟලුම් විලාසිතාවන් රැසක් ද Envoy, Signature, Le Bond, Rosevelt (කාන්තා) සහ තවත් සන්නාම රැසක ඇඟලුම් මෙන්ම විවිධ මෝස්තරවලින් යුත්  made-to-measure  සහ සූදානම් කළ ඇඳුම් කට්ටල, ජැකට්, කලිසම් සහ ෂර්ට් ද ලබා ගැනීමේ හැකියාව පවතී.

    නව මුහුණුවරකින් නව ස්ථානයක විවෘත කරන ලද මහනුවර ප්‍රදර්ශනාගාරය පිළිබඳව අදහස් දක්වමින් හමීඩියා ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ෆවුසුල් හමීඩ් මහතා ප්‍රකාශ කළේ, “ශ්‍රී ලංකාවේ පිරිමි ඇඳුම්වල ප්‍රමුඛයා ලෙස, අප සෑම විටම පාරිභෝගිකයන් සමඟ වඩ වඩාත් සමීප වීමට උත්සාහ කරනවා. මෙම නව ශාඛාව හරහා, මහනුවර සහ ඒ අවට ප්‍රදේශවල සිටින අපගේ පාරිභෝගිකයන් වෙත හොඳ සේවාවක් සමඟින් නව්‍ය සහ ගුණාත්මක ඇඳුම් නිෂ්පාදන ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා.”

    1949 දී ආරම්භ කරන ලද හමීඩියා ආයතනය ශ්‍රී ලාංකේය පිරිමි ඇඟලුම් විලාසිතා ක්ෂේත්‍රය තුල ප්‍රවණතා සකස් කරන්නන් බවට පත් වී ඇති අතර සෑම විටම උසස් තත්ත්වයේ නිෂ්පාදන පාරිභෝගිකයින්ට ලබා දෙයි. හමීඩියා හි තත්වයෙන් උසස් පිරිමි ඇඟලුම් සන්නාම එකතුවට Envoy London, Le Bond, Signature, Van Heusen, Louis Philippe, Park Avenue සහ Adidas ඇතුළත් වේ.