හයිබ්‍රිඩ් වාහන හිමියන්ට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් වෙතින් සුවිශේෂී අවස්ථාවක්

    December, 15, 2017

    නොමිලේ තම වාහන පරීක්‍ෂා කරගෙන ඒවායේ තිබෙන දෝශ හඳුනා ගැනීමෙි අවස්ථාවක් පසුගියදා හයිබ්‍රිඩ් වාහන හිමියන්ට ලැබිනිග මෙම අවස්ථාවක ලැබුනේ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් එදිරිසිංහ බ‍්‍රදර්ස් ආයතනයේ හයිබ්‍රිඩ් හබ් සමග එක්වී පැවැත්වූ හයිබ්‍රිඩ් (දෙමුහුන්) වාහන පරීක්‍ෂාවෙිදීය.

    මෙම වාහන පරීක්‍ෂාව පසු ගිය 9වන දින පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා කොළඹ රේස් කෝස්හිදී පැවති අතර 60කට අධික වාහන සංඛ්‍යාවක් මෙදින පරීක්‍ෂාවට ලක්විය. දෙමුහුන් වාහනවල නඩත්තුව සහ ගැටලු හඳුනාගැනීමල ඒවායේ යාන්ත‍්‍රින සහ විදුලිය සම්බන්ධ දෝශ නිවැරදි කිරීම යනාදි කටයුතු මෙහිදී සිදුවිය.

    හයිබ්‍රිඩ් වාහන හිමියන්ට එම වාහන පිළිබඳ විශේෂ දැනුම සහිත අයගෙන් තම වාහන පිළිබඳ මෙතෙක් නොදත් කරුණු දැනගැනීමටත් එම වාහන නඩත්තුව පිළිබඳ වැඩිදුර දැනගැනීමටත් මෙය හොඳ අවස්ථාවක් විය.

    මෙය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් තම ගනුදෙනුකරුවන් වෙනුවෙන් සැපයූ එක් මහගු අවස්ථාවක් පමණිග තමා සමග හවුල්වී ඇති ව්‍යාපාර හා එක්වී විවිධ අවස්ථාවල තම ගනුදෙනුකරුවන්ට මෙවැනි ප‍්‍රතිලාභ රැසක් ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලබාදී ඇත.