හරිස්චන්ද්‍ර කොටස් ගනුදෙනුවේ නිල නිවේදනය මෙන්න

    October, 17, 2025

    කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගමක් වන හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී හි අද සිදු වූ දැවැන්ත කොටස් ගනුදෙනුවේ ගැනුම් පාර්ශවය වන හේලීස් පීඑල්සී විසින් අදාළ ගනුදෙනුව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර සිටී.

    මෙහිදී හේලීස් පීඑල්සී පවසන්නේ හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී හි කොටස් 778,946ක් එකක් රු. 3,300 බැගින් මිල දී ගත් බවයි. ඒ සඳහා ආයෝජනය කර ඇති සම්පූර්ණ මුදල රු. බිලියන 2.57ක් වේ.

    සෙන්තිල්වේල් හෝල්ඩිංග්ස් (පුද්) සමාගම විසින් අදාළ කොටස් අලෙවිය සිදුකර තිබේ.

    අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

    හේලීස් පීඑල්සී හි පාලක කොටස් හිමිකාරීත්වය ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සතු වන අතර එහි ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයෙන් 51.01%ක කොටස් හිමිකාරීත්වය ඔහුගේ නම ඉදිරියෙන් ලියැවී තිබේ.

    Video Story

    Stock Market

    Exchange Rates