හවාස් – අයෝනික් ශ්‍රී ලංකාවේ ඩිජිටල් සංචාරක ප්‍රවර්ධනය භාර ගනී

    September, 6, 2018

    එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය, ඉන්දියාව සහ චීනය යන රටවල සංචාරකයින් අතර ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක මධ්‍යස්ථානයක් වශයෙන් ප්‍රවර්ධනය කිරීම සඳහා ඩිජිටල් ප්‍රචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ.

    එම වැඩසටහන යටතේ ඉන්දියාව හා චීනය සඳහා වන ඩිජිටල් ප්‍රචාරක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිණිස වන කොන්ත්‍රාත්තු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශ පරිදි පිළිවෙලින් හාවාස් මීඩියා ඉන්දියා පුද්ගලික සමාගම වෙත සහ අයොනික් මීඩියා ආයතනය වෙත පිරිනැමීම පිණිස සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මේ අතර ඉහළ ක්‍රය ශක්තියක් සහිත සංවර්ධිත රටවලින් ශ්‍රී ලංකාව වෙත සංචාරකයින් ආකර්ෂණය කරගැනීමටත්, ඔවුන් වැඩි දින ප්‍රමාණයක් රටතුළ රඳවා ගැනීමටත්, එම සංචාරකයින් අතර ශ්‍රි ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ගෝලීය මට්ටමින් සිදු කිරීමට රජය සැලසුම් කර තිබේ.