හැරී සිමෙන්ති ව්‍යාපාරයට අත තබයි

    May, 25, 2018

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් සමූහයක් වන Melstacorp PLC, Pyramid Gama (Private) Limited සමඟින් බද්ධ ව්‍යාපාර ගිවිසුමකට එළඹ තිබේ.

    මේ අනුව මෙම ගිවිසුම යටතේ සිමෙන්ති ආනයනය, සැකසීම, ඇසුරුම්කරණය හා බෙදාහැරීම Melsta Gama (Private) Limited සමාගම යටතේ සිදුකෙරෙණු ඇත.

    Pyramid Gama යනු ශ්‍රී ලංකාවේ Pyramid Holdings හා ඉන්දුනීසියාවේ Gama Corp හි ඒකාබද්ධ ව්‍යාපාරයකි. Gama Corp ඉන්දුනීසියාව ඇතුළු කලාපයේ විශාලතම සිමෙන්ති නිෂ්පාදකයෙකු හා අලෙවිකරුවෙකු වේ. වර්තමානයේ දී කලාපයේ විශාලතම සිමෙන්ති සැකසුම් මෙහෙයුම් සිදුකරන්යේ Gama Corp විසිනි.

    මෙම ව්‍යාපෘතියේ මුලික අදියර සඳහා ඩොලර් මිලියන 20 ක ආයෝජනයක් සිදුකිරීමට නියමිත බව Melstacorp PLC විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දන්වා සිටී.

    Melstacorp PLC හි පාලක කොටස් හිමිකාරීත්වය දරනු ලබන්නේ මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යපාරිකයෙකු වන හැරී ජයවර්ධන මහතා ය.