හිඟ බිල්පත්, බැඳුම්කර නිකුත් කර ගෙවීමට නිර්දේශයක්

    February, 21, 2023

    අමාත්‍යාංශ හා රජයේ ආයතන විසින් නිරවුල් කළ යුතුව ඇති ගෙවීම්/නොගෙවූ බිල්පත් සම්බන්ධ ගැටලු විසදීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මහා භාණ්ඩාගාරයේ ලේකම් විසින් කමිටුවක් පත් කරනු ලැබ ඇත‍.

    එකී කමිටුවේ වාර්තාව මඟින් වෙළෙඳපොළ සහ භාණ්ඩාගාර මුදල් ප්‍රවාහ මෙහෙයුම් ක්‍රියාවලිය සුමට කිරීම සඳහා සැපයුම්කරුවන්ට/ කොන්ත්‍රාත්කරුවන්ට ගෙවිය යුතු මුදල්, මුදලින් ගෙවීම වෙනුවට භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම මඟින් නිරවුල් කිරීම නිර්දේශ කර තිබේ.

    ඒ අනුව, කටයුතු කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.