‘හිතේ හැටියට Christmas’ තේමාවෙන් ආකර්ශනීය නත්තල් සාප්පු සවාරි අත්දැකීමක් ආපිකෝ මෙවරත් එළිදක්වයි

    December, 19, 2018

    රුපියල් 10,000 කට වැඩි භාණ්ඩ මිලදී ගැනීමේදී ක්ෂණික ත්‍යාග වවුචර හෝ පැරිසියේ නිවාඩුවක් ගත කිරීමේ අවස්ථාව දිනාගැනීමේ වරම්

     

    එළඹෙන උත්සව සමය වෙනුවෙන් ආපිකෝ සුපිරි වෙළඳසැල් ජාලය විසින් අසමසම නත්තල් සාප්පු සවාරි අත්දැකීමක් සිය පාරිභෝගිකයින් වෙනුවෙන් එළිදක්වා තිබෙන අතර මෙම කාල සීමාවේදී ආපිකෝ සුපිරි වෙළඳසැල් ජාලයෙන් භාණ්ඩ මිලදී ගන්නා වාසනාවන්ත පාරිභෝගිකයෙකුට සිය පවුලේ සාමාජිකයින් සමග පැරිසියට සංචාරය කිරීමේ වරම ආපිකෝ විසින් ලබාදෙයි. මෙම සංචාරය සඳහා වැයවන සියළුම වියදම් දරන්නේ ආපිකෝ විසිනි.

    මේ අනුව, රට පුරා තිබෙන සියළුම ආපිකෝ සුපිරි වෙළඳසැල් ‘හිතේ හැටියට Christmas’ නැමති තේමාව අනුව දීප්තිමත් විදුලි බුබුළු සහ සැරසිලි වලින් ඉතාමත් විචිත‍්‍රවත්ව සරසා තිබෙන අතර මෙම උත්සව සමය වෙනුවෙන් පාරිභෝගිකයින්ට වසර අවසාන ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ වට්ටම් සහ විශේෂ දීමනා ලබාදීමටද ආපිකෝ කටයුතු කර තිබේ.

    ආපිකෝ සුපිරි වෙළඳසැල් ජාලයේ ප‍්‍රමුඛතම සුපිරි වෙළඳසැල වන හයිඞ් පාර්ක් ආපිකෝ සුපර් සෙන්ටර් ශාඛාව වෙනදා මෙන්ම මෙවරත් නත්තල් සිරියෙන් ඇලලී ගොස් තිබෙන අතර මෙම ශාඛාවට පිවිසෙන දොරටුවේ සිට ශාඛාවේ ඇතුළත මෙන්ම පිටත මෝටර් රථ අංගනයද ඇතුළත්ව සමස්ත පරිසරය නත්තල් සැරසිලි වලින් ඉතාමත් ආකර්ශනීය ලෙස සරසා තිබීම කැපී පෙනේ.

    මෙම උත්සව සමයේදී ආපිකෝ ශාඛාවකින් ජනවාරි 15 වනදා දක්වා කාල සීමාව තුළදී රුපියල් 10,000 ක් හෝ එයට වැඩි වටිනාකමක් සහිත භාණ්ඩ (නම්කළ සන්නාම අටක් සමග) මිලදී ගන්නා විට යුරෝපයේ ඉතාමත් ජනප‍්‍රිය අග නගරයක් වන පැරීසිය වෙත සංචාරය කිරීම සඳහා අවස්ථාව දිනාගැනීමේ දිනුම් ඇදීම සඳහා එක්වීමට පාරිභෝගිකයින්ට අවස්ථාව උදාවේ.

    විකල්පයක් ලෙස, මෙම පාරිභෝගිකයින්ට තමන් මිලදී ගන්නා භාණ්ඩවල වටිනාකමින් 15% කට සමාන ත්‍යාග වවුචරයක් අයකැමි කවුන්ටරයෙන්ම දිනාගැනීමේ අවස්ථාවද ආපිකෝ විසින් මෙම උත්සව සමයේදී ලබාදී තිබේ.

    මෙම ප‍්‍රවර්ධන වැඩසටහන සඳහා නම්කළ සන්නාම අතරට Munchee, Ritzbury, Tiara, Surf Excel, Astra, Dove, Signal, Comfort, Pringles, Heinz, Happy Cow, Turkey oil, Anchor Gold, Milo, St Clair’s Tea, Coca Cola, Harpic, Lysol, Cinthol, Goldi, Finest, Sam’s Sausages, Todlo, Panda Baby, Soft Love, Kohomba, Rani, සහ Dimo LED bulbs, Maskeliya, Dankotuwa, මෙන්ම  ඇතුළත් වේ.

    පැරිසියේ නිවාඩුවක් ගත කිරීම සඳහා සංචාරයක් ලබාදෙන මෙම දිනුම් ඇදීම 2019 ජනවාරි මාසයේ අවසන් සතියේදී පැවැත්වීමට නියමිත අතර පැරිස් සවාරිය පෙබරවාරි මාසයේ ආදරවන්තයින්ගේ දිනයට සමගාමීව සිදුකිරීමට ආපිකෝ සැලසුම් කර ඇත.

    මෙවර ආපිකෝ නත්තල් සාප්පු සවාරි අත්දැකීම සැරසිලි සහ ත්‍යාග වලින් ඔබ්බට ගෙන යමින් භාණ්ඩ වර්ග 900 කට වැඩි ප‍්‍රමාණයකට විශේෂ වට්ටම් ලබාදී තිබෙන අතර මෙහිදී තෝරාගත් දෛනික අත්‍යවශ්‍ය භාණ්ඩ, විදුලි උපකරණ  සහ ගේ දොර උපකරණ සඳහා 25% ක් දක්වා වට්ටම් ලබාදෙන බව ආපිකෝ සඳහන් කරයි. මෙහිදී, ‘ප‍්‍රිවිලේජ්’ ලොයල්ටි කාඞ්පත් හිමියන්ට මෙම වට්ටම 35% ක් දක්වා වැඩිකරගත හැකි බව ආපිකෝ සඳහන් කරයි.

    මීට අමතරව, HSBC, American Express, Commercial Bank, HNB iy Standard Chartered Bank යන බැංකුවල ක්‍රෙඩිට් කාඞ්පත් භාවිතා කරමින් නැවුම් නිෂ්පාදන, හැම්පර්, දෛනික අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ගේ දොර උපකරණ මිලදී ගැනීමේදී මෙම කාල සීමාව තුළ ආකර්ශනීය වට්ටම් ලබාදෙන බවද ආපිකෝ පවසයි. එසේම, විදුලි උපකරණ , ගෘහ භාණ්ඩ සහ හැම්පර් මිලදී ගැනීමේදී ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට කොටස් වශයෙන් ගෙවීමේ සැලසුම් ලබාගැනීමේ අවස්ථාවද මෙම උත්සව සමයේදී ආපිකෝ විසින් ලබාදී ඇත.

    නත්තල් සමයේදී පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා මනාව සලකා බලමින් විශේෂ ආකර්ශනීය පෙට්ටි අසුරණ තුළ බහාලූ හැම්පර්, උත්සව සමයට අවශ්‍ය චීස් සහ මස්, නත්තල් කේක්, නත්තලට අවශ්‍ය විශේෂ භාණ්ඩ සහ කේක් අමුද්‍රව්‍ය, නත්තල් සැරසිලි, ත්‍යාග සහ ආනයනය කළ ගේ දොර උපකරණ සහ දරුවන්ගේ නෙත් සිත් පැහැර ගන්නා සෙල්ලම් බඩු මාලාවක් මෙවර නත්තල් උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා පිහිටි ආපිකෝ සුපිරි වෙළඳසැල් වල අලෙවියට තබා තිබේ.

    ආපිකෝ ජාලයට මේ වනවිට ආපිකෝ සුපර්සෙන්ටර් සහ සුපර් ස්ටෝර් 25 ක්, ප‍්‍රදර්ශනාගාර 12 ක් සහ ආපිකෝ ‘ඬේලි සුපර්මාර්කට්’ 22 ක් අයත් වේ. සමාගමේ ප‍්‍රමුඛතම සුපිරි වෙළඳ සැල් ජාලය වන ආපිකෝ සුපර්සෙන්ටර් තුළින් වාහන නතර කිරීමේ ඉතා විශාල ඉඩකඩක්, බිල්පත් ගෙවීමේ සහ බැංකු පහසුකම් ඇතුළු ගේ දොර හා ඉලෙක්ට්‍රොනික උපකරණ, මුළුතැන් ගේ උපකරණ, ගෘහ භාණ්ඩ සහිත දැවැන්ත නිෂ්පාදන මාලාවක් එකම වහළක් යටින් ලබාදෙන්නේ ශ‍්‍රී ලංකාවේ වඩාත්ම පහසු සාප්පු සවාරි අත්දැකීම ලබාදෙන පොරොන්දුවද සමගිනි.