හෙට තරඟයේත් ටිකට් සියල්ල විකිණිලා

    August, 23, 2016

    ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර හෙට (24) පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරඟයේ සියලු ප්‍රවේශ පත්‍ර මේ වන විට විකිණී අවසන් බව වාර්තා වේ. මෙම තරඟාවලිය සඳහා bookmyshow.com වෙබ් අඩවිය ඔස්සේ අන්තර්ජාලය හරහා ප්‍රවේශපත්‍ර කලින් වෙන්කර ගැනීමේ අවස්ථාව හිමිව තිබිණි. කෙසේ වෙතත් හෙට තරඟය සඳහා වන ප්‍රවේශපත්‍ර අලෙවිය මේ වන විට එම වෙබ් අඩවිය නතර කර තිබේ.

    මේ සම්බන්ධයෙන් අද දෙරණ Biz කළ විමසීමක දී bookmyshow.com නියෝජිතයෙකු කියා සිටියේ හෙට දින තරඟයේ සියලු ප්‍රවේශ පත් මේ වන විට විකිණී අවසන් බවයි.

    මීට පෙර පළමු එක්දින තරඟයේ සියලු ප්‍රවේශ පත් ද තරඟයට දිනකට කලින් අලෙවි වී අවසන් විය.

    තත්ත්වය මෙසේ තිබිය දී හෙට තරඟය පැවැත්වෙන කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රවේශ පත්‍ර කවුළු ඉදිරිපිට අද සිටම දිගු පෝලිම් දක්නට ලැබෙන බව වාර්තා වේ.