හේලීස් ආදායම මාස 03 කදී රු. බිලියන 50 ඉක්මවයි

    August, 13, 2018

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය කරන ලද සමාගම් සමූහයක් වන හේලීස් පීඑල්සී 2018/19 පළමු කාර්තුව තුළ දී රු. බිලියන 50.6 ක ආදායමක් වාර්තා කර තිබේ. මෙය පූර්ව වර්ෂයේ සමාලෝචිත කාර්තුව හා සැසඳීමේ දී 74% ක වර්ධනයකි.

    මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතුවූයේ සමූහයේ පාරිභෝගික හා සිල්ලර වෙළෙඳ අංශය වෙතින් ලබා දී තිබෙන ආදායම් දායකත්වය රු. බිලියන 1.2 සිට රු. බිලියන 16.6 දක්වා දැවැන්ත වශයෙන් වර්ධනය වී තිබීමයි. පසුගිය වසරේ දී හේලීස් සමූහයට එක් වූ නවතම සාමාජිකයා වන සිංගර් (ශ්‍රී ලංකා) සමාගම මේ සඳහා කැපී පෙනෙන දායකත්වයක් ලබා දී තිබේ.

    සමූහයේ බදු ගෙවීමෙන් පසු පසුගිය කාර්තුව තුළ දී රු. මිලියන 61 සිට රු. මිලියන 260 දක්වා වර්ධනය වී ඇති අතර ගෙවීගිය කාර්තුවේ ලාභඅලාභ ප්‍රකාශය පහතින් දැක්වේ.

    හේලීස් සමූහයේ සභාපති මොහාන් පණ්ඩිතගේ මහතා සහ සම-සභාපති ධම්මික පෙරේරා මහතා ඡායාරූපයෙන් දැක්වේ.