හේලීස් ලාභ මෙහෙමයි

    May, 21, 2014

    අපනයන, නිමැවුම් කර්මාන්ත, සංචාරක, වැවිලි, බලශක්තිය, පාරිභෝගික භාණ්ඩ යන අංශ කෙරෙහි විවිධාංගීකරණය වූ හේලීස් සමාගම විසින් සිය නවතම ගිණුම් වාර්තා එළිදක්වා තිබෙන අතර 2014 මාර්තු කාර්තුවේදී සමාගමේ ලාභය සියයට 29 කින් ඉහළ ගොස් රුපියල් මිලියන 582 ක්වී තිබේ.

    මේ අනුව, සමාගම විසින් කොටසකට අදාළව රුපියල් 6.54 ක ලාභයක් ලබා තිබෙන අතර මාර්තු වලින් අවසන් වන වසර තුළදී ලබා තිබෙන කොටසකට අදාළ ලාභය රුපියල් 24.73 කි.

    සමාගම විසින් මාර්තු වලින් අවසන් වන මුදල් වසර තුළදී රුපියල් බිලියන 1.8 ක ලාභයක් ලබා තිබෙන අතර එය ඊට ඉහත වසරට සාපේක්ෂව සියයට 78 ක දැවැන්ත වැඩිවීමකි.

    2014 මාර්තු කාර්තුවේදී සමාගමේ ආදායම සියයට 7.3 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 20.2 ක්වී තිබෙන අතර අලෙවි පිරිවැය සියයට 7.6 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 15.4 ක්වී ඇත.

    ඡායාරූපයේ සිටින්නේ හේලීස් සභාපති, මොහාන් පණ්ඩිතගේ මහතායි.