March, 29, 2023
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වැවිලි සමාගමක් වන හොරණ ප්ලාන්ටේෂන්ස් පීඑල්සී හි බහුතර කොටස් හිමිකාරීත්වය අද (29) දිනයේ දී වෙනස් වී තිබේ.
ඒ අනුව සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් 51% ක් හෙවත් කොටස් මිලියන 12.75කට හිමිකම් කියන ලද Vallibel Plantations Management Ltd සමාගම, අද දිනයේ දී එම කොටස් අයිතිය විකුණා දමා තිබේ.
මෙහිදී මෙම කොටස් ප්‍රමාණය මිල දී ගෙන ඇත්තේ Hayleys Plantation Services (පුද්) සමාගම විසිනි.
මේ අනුව හොරණ ප්ලාන්ටේෂන්ස් පීඑල්සී හි එක් කොටසක් රු. 54.90 බැගින් කොටස් මිලියන 12.75 ක් අද පෙරවරුවේ දී ගිවිසා ගත් ගනුදෙනුවක් ලෙසින් හුවමාරු වී ඇති අතර එම ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම රු. මිලියන 699.97 ක් වේ.
Hayleys Plantation Services යනු හේලීස් සමූහයේ අනුබද්ධිත සමාගමක් වන අතර හේලීස් සමූහයේ බහුතර කොටස් හිමිකාරීත්වය ඇත්තේ ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සතුවයි.
Vallibel Plantations Management Ltd යනු ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී හි අනුබද්ධිත සමාගමකි. ලංකා වෝල්ටයිල්ස් සමාගමේ බහුතර කොටස් අයිතිය රෝයල් සෙරමික්ස් ලංකා සමාගම සතුවන අතර රෝයල් සෙරමික්ස් ලංකා සමාගමේ බහුතර කොටස් අයිතිය වැලිබල් වන් පීඑල්සී සතුව පවතී. වැලිබල් වන් පීඑල්සී හි බහුතර කොටස් හිමිකාරීත්වය දරන්නේ ද ධම්මික පෙරේරා මහතා විසිනි.
Video Story