හොල්සිම් (ලංකා) සමාගම හා බිම්පුත් ෆිනෑන්ස් (පීඑල්සී) හවුල්කාරීත්වයෙන් ‘පූර්ණ නිවාසී’ වැඩසටහන දියත් කෙරේ

    June, 9, 2016

    ගොඩනැගිලි අමුද්‍රව්‍ය ක්ෂේත‍්‍රයේ ගෝලීය ප‍්‍රමුඛයාවන ලෆාජ්හොල්සිම් සමූහයේ සාමාජිකයෙකුවන හොල්සිම් (ලංකා) සමාගම,මෙරට ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම සමාගමක් වන බිම්පුත් ෆිනෑන්ස් (පීඑල්සී) සමග 'පූර්ණ නිවාසී' සහනදායී නිවාස වැඩසටහන වෙනුවෙන් පසුගියදා සුවිශේෂී අවබෝධතා ගිවිසුමකට එළඹුණි.

    ලෆාජ්හොල්සිම් සමාගම ගෝලීය වශයෙන් ක‍්‍රියාත්මක කරන සහනදායී නිවාස වැඩසටහනට සමගාමීව, 'පූර්ණ නිවාසී' නමින් මෙරට ක‍්‍රියාත්මක කරන වැඩසටහන තුළින් තම නිවස ඉදිකිරීමේ අපේක්ෂාවෙන් පසුවන ජනතාවට සහනදායී ක‍්‍රමවේදයකට නිවාස විසඳුම් ලබා දීමට සැලසුම් කර ඇත.
    'පූර්ණ නිවාසී' වැඩසටහනේ ප‍්‍රතිලාභීන් බිම්පුත් ෆිනෑන්ස් (පීඑල්සී) ආයතනයට සම්බන්ධ ප‍්‍රජාවන් අතරින් තෝරා ගැනේ. අනතුරුව, බිම්පුත් ෆිනෑන්ස් (පීඑල්සී) මගින් අදාළ ප‍්‍රතිලාභීන්ට ණය පහසුකම් ලබාදෙන අතර නිවාස ඉදිකිරීමට අවශ්‍ය තාක්ෂණික සහයෝගය හොල්සිම් (ලංකා) සමාගම ලබාදෙනු ඇත.

    ''පූර්ණ නිවාසී', වැඩසටහන, ලෆාජ්හොල්සිම් සමූහයේ තිරසාර සංවර්ධන ක‍්‍රමෝපාය අතරට අයත් වන 2030 වසර වන විට ලොවපුරා සිටින මිලියන 75 ක පමණ ජනතාවකට නිවාස ඉදිකිරීමට සහය ලබාදීමේ අරමුණින් ක‍්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතියේම කොටසකි. තම නිවස ඉදිකිරීමේ අපේක්ෂාවෙන් පසුවන අඩු ආදායම්ලාභී ජනතාවට සහනදායී ක‍්‍රමවේදයකට නිවාස ඉදිකිරීමට හැකි අතර බිම්පුත් ෆිනෑන්ස් (පීඑල්සී) වැනි සමාගම් සමග අත්වැල් බැඳ ගනිමින් මෙම කාර්යය අඛණ්ඩව දියත් කිරීම අප අදහස වී තිබෙනවා. 'පූර්ණ නිවාසී' සහනදායී නිවාස වැඩසටහන තුළින් ප‍්‍රතිලාභ ලබන ජනතාවගේ ජීවන තත්වය සුවදායී වනු දැකීම අපට මහත් ගෞරවයකි.'' මෙම අවබෝධතා ගිවිසුමට එළඹෙමින් හොල්සිම් (ලංකා) සමාගමේ ප‍්‍රධාන විධායක නිළධාරි පිලිප් රිචාර්ට් මහතා පැවසුවේය.

    ''බිම්පුත් ෆිනෑන්ස් (පීඑල්සී) සමාගම මෙරට අඩු ආදායම්ලාභී ජනතාවට සිය නිවස ඉදිකරගැනීමට අවශ්‍ය මූල්‍ය සහයෝගය ලබාදෙන අතර සැමවිටම අත්වැලක් අවශ්‍ය ජනතාවට මූල්‍ය සහයෝගය ලබාදීමට හැකිවීම ගැන අප ඉමහත්ව සතුටු වනවා. අප නිරන්තරයෙන් උත්සහ දරන කරුණක් වන මෙරට ජනතාවගේ ජීවිත සවිබල ගැන්වීමේ මෙහෙයුමට හොල්සිම් (ලංකා) සමාගම වැනි ප‍්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සමාගමක් සිය දායකත්වය ලබාදීම ද අපට මහත් සතුටකි. 'පූර්ණ නිවාසී' වැඩසටහන හඳුන්වාදීමෙන් අප ගනුදෙනුකාර භවතුන්ගේ නිවාස සිහිනය සැබෑකිරීමට හැකිවන අතර ඔවුන්ට මහත් ආඩම්බරයෙන් තමන්ගේම 'නිවසක්' යැයි හැඳින්විය හැති තත්වයක් අප උදා කරනවා.'' බිම්පුත් ෆිනෑන්ස් (පීඑල්සී) සමාගමේ අධ්‍යක්ෂ සහ සාමාන්‍යාධිකාරී චමින්ද්‍ර ගමගේ මහතා පැවසුවේය.

    සේයා රූ සටහන - සුවිශේෂී අවබෝධතා ගිවිසුමට එළඹෙන අවස්ථාවේදී බිම්පුත් ෆිනෑන්ස් (පීඑල්සී) සමාගමේ අධ්‍යක්ෂ සහ සාමාන්‍යාධිකාරී චමින්ද්‍ර ගමගේ මහතා, බිම්පුත් ෆිනෑන්ස් (පීඑල්සී) සමාගමේ අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරි හර්ෂ සිල්වා මහතා, හොල්සිම් (ලංකා) සමාගමේ ප‍්‍රධාන විධායක නිළධාරි පිලිප් රිචාර්ට් මහතා සමග සුහදතාවය ප‍්‍රකාශ කරන අයුරු, හොල්සිම් (ලංකා) සමාගමේ වාණිජ අධ්‍යක්ෂ නලින් කරුණාරත්න මහතා මෙම ඡායාරූපයේ වමේ සිට දකුණට සිටින පිරිසය


    හොල්සිම් (ලංකා) සමාගමේ ප‍්‍රධාන විධායක නිළධාරි පිලිප් රිචාර්ට් මහතා, බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරි හර්ෂ සිල්වා මහතා, බිම්පුත් ෆිනෑන්ස් (පීඑල්සී) සමාගමේ අධ්‍යක්ෂ සහ සාමාන්‍යාධිකාරී චමින්ද්‍ර ගමගේ මහතා, හොල්සිම් (ලංකා) සමාගමේ වාණිජ අධ්‍යක්ෂ නලින් කරුණාරත්න මහතා මෙම ඡායාරූපයේ වමේ සිට දකුණට සිටින පිරිස වන අතර ප‍්‍රතිලාභ ලබන පවුලක් සමගින් සුවිශේෂී අවබෝධතා ගිවිසුමට එළඹෙමින්