January, 24, 2022
ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයන් සිදු කරන ගෙවීම් විදේශ විනිමයෙන් පමණක් භාර ගැනීමට හෝටල් සේවා සැපයුම්කරුවන්ට අනිවාර්ය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් රීති නිකුත් කරන ලදී.
මෙම රීති 2022 ජනවාරි 21 දිනැති අංක 2263/41 දරන අති විශෙෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇත.
මෙම රීති නිකුත් කිරීමත් සමඟ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි බලපත්‍රලාභී හෝටල් සේවා සැපයුම්කරුවන් විසින්;
එසේ වුවත්, ශ්‍රී ලංකාවට ගෙන එන ලද විදේශ මුදල් බලපත්‍රලාභී බැංකුවක් හෝ බලයලත් මුදල් හුවමාරුකරන්නෙකු හරහා ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කරන ලද බවට අදාල මුල් ලේඛන ලබා දිය හැකි නම්, හෝටල් සේවා සැපයුම්කරුවන්ට ශ්‍රි ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයින් විසින් ශ්‍රී ලංකා රුපියල් වලින් කරන ගෙවීම් භාර ගත හැක.
Video Story