ෆැඩ්නා හා දේශීය විශ්වවිද්‍යාල අතර එකමුතුවට ජාතික පිළිගැනීමක්

    May, 3, 2023

    ශ්‍රී ලාංකාවේ ප්‍රමුඛතම ක්‍රියාකාරී තේ නිෂ්පාදකයා වන ෆැඩ්නා, දේශීය විශ්ව විදයයාල සමඟ එක්ව සංවර්ධනය කරන ලද ගුණාත්මක හා නවෝත්පාදන නිෂ්පාදන වාණිජකරණය කිරීම සඳහා වූ නොසැලෙන කැපවීම වෙනුවෙන් ඇගයීමට ලක්ව ඇත. BMICH හි මැයි 2 වන දින පැවති උත්සවයකදී මෙම පිළිගැනීම සිදු කල අතර එම උත්සවය ලෝක බැංකුව යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් වන AHEAD විසින් සංවිධානය කර තිබුණි.

    ලොව පුරා පාරිභෝගිකයින්ට ඉහළම ප්රමිතීන්ට අනුව ගුණාත්මක නවෝත්පාදනය ලාභාදීම සඳහා පර්යේෂණ හා සංවර්ධනය සඳහා විශාල වශයෙන් ආයෝජනය කරන Fadna ආයතනය, අධ්යන ආයතනවලින් ලැබුණු සහයෝගයන් නිසා ක්රියාකාරීත්වය, ගුණාත්මකභාවය සහ නව්‍යතාවය අනුව පාරිභෝගික අපේක්ෂාවන් සපුරාලීම පමණක් නොව ඉක්මවා යන නිෂ්පාදන ලබා දීමට සමත්ව ඇත.

    තම පාරිභෝගිකයන්ට සෞඛ්‍ය සම්පන්න ප්රීතිමත් ජීවිතයක් උදෙසා සොබාදහමේ යහගුණ රැඳී ගුණාත්මක නිෂ්පාදන පෙළක් ලබා දීමට නිරන්තරයෙන් ක්‍රියාකරන Fadna, තම නිෂ්පාදන, QofL සහ Fadna Life Science ලෙස වෙළඳ නාම කිහිපයකට ව්‍යාප්ත කර ඇති අතර මෙම වෙළඳ නාම ඔස්සේ පුළුල් පරාසයක ලොවපුරා පාරිභෝගික මනාපයන් සහ අවශ්යතා සපුරාලීමට Fadna ආයතනයට හැකියාව ලැබී ඇත.

    Fadna ආයතනය ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල සමඟ එක්ව සිය නිෂ්පාදන වල ගුණාත්මක භාවය ඉහල නැංවීමට දිගින් දිගටම පර්යේෂණ සිදුකරන අතර විශ්වවිද්‍යාල සතු දැනුම ජනගත කරන මාධ්‍යක් ලෙස කටයුතු කරමින්   රටේ ආර්ථික සමාජීය තත්වයන් වර්ධනය කිරීමට ද දායකත්වය දක්වයි.