ෆොන්ටෙරා දේශීය කිරි සංවර්ධන වැඩසටහන 2016 විශිෂ්ටතම තිරසාර ව්‍යාපෘති සම්මාන උළෙලේදී ඇගයීමට ලක් වේ

    November, 30, 2016

    ශ‍්‍රී ලංකාවේ කිරි කර්මාන්තයේ උන්නතියට දක්වන ලද සහයෝගය වෙනුවෙන් ලංකා වාණිජ මණ්ඩලයේ ඇගයීමට

    ඇන්කර් වෙළඳ නාමය හිමි ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශ‍්‍රී ලංකා සමාගමේ කිරි සංවර්ධන වැඩසටහන පසුගියදා ලංකා වාණිජ මණ්ඩලය සංවිධානය කළ 2016 විශිෂ්ටතම ආයතනික පුරවැසි සම්මාන උළෙලේදී ඇගයීමට ලක් විය.

    කිරි ගොවීන්ට අධ්‍යාපනය හා පුහුණුව ලබාදීම මගින් කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට මගපෙන්වා ඔවුන්ට ආර්ථික සමෘද්ධිය උදාකරදීම සඳහා මහෝපකාරී වන පුරෝගාමී වැඩසටහනක් හඳුන්වා දීම වෙනුවෙන් ෆොන්ටෙරා සමාගමට මෙම කුසලතා සහතිකය හිමිවී තිබේ. එමෙන්ම ජලය හා සනීපාරක්ෂක පහසුකම් ලබාදීම, යටිතල ව්‍යුහ සංවර්ධනය හා ප‍්‍රජා වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීම ඔස්සේ කිරි ගොවි ප‍්‍රජාවන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට මෙම වැඩසටහන පියවර ගනියි.

    ෆොන්ටෙරා යනු ජාත්‍යන්තරව කිරි නිෂ්පාදනය කරන සමුපකාර සමාගමක් බවත්, තමන් මෙහෙයුම් ක‍්‍රියාත්මක කරන රටවල ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා සමාගම සෑම විටම පියවර ගන්නා බවත් ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශ‍්‍රී ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුනිල් සේති මහතා පෙන්වා දුන්නේ ය.

    ”ශ‍්‍රී ලංකාව වඩාත් නිරෝගී හා තෘප්තිමත් රටක් බවට පත්කිරීම අපගේ ඉලක්කයයි. ඒ වගේම දීර්ඝකාලීන සහ යහපත් ප‍්‍රතිඵල ලබාදෙන තිරසාර ව්‍යාපෘති ඔස්සේ කිරි ගොවි ප‍්‍රජාවන් නගාසිටුවීමට අප කැපවී කටයුතු කරනවා. මේ වනවිටත් රටේ පළාත් 3 ක ප‍්‍රදේශ 8 ක ජීවත්වන 30,000 ක පමණ ජනතාවකට අත්වැලක් වීමට අපට හැකිවීම තිබීම සතුටට කරුණක්.” ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

    මෙම වැඩසටහන් ක‍්‍රියාවට නැංවීම සඳහා ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ලංකා සමාගම සර්වෝදය ශ‍්‍රමදාන ව්‍යාපාරය සහ ණ්බි්රපැබ පදනම සමග අත්වැල් බැඳගෙන සිටී. එමෙන්ම රටේ විවිධ බලධාරීන්ගේ මෙන්ම සංවර්ධන සමිති සහ ක්ෂේත‍්‍රයේ හවුල්කරුවන් ආදීන්ගේ සහය සමාගමට ලැබෙන අතර සමාගමේ කාර්ය මණ්ඩලයද හැකි සෑම අවස්ථාවකදීම ස්වේච්ඡුාවෙන් මෙම උදාර කර්තව්‍යයන් සඳහා දායක වෙති.

    ”මේ සියලූම දෙනාගේ සහයෝගය නොලැබෙන්නට අපට මේ දේවල් යථාර්ථයක් කරගැනීමට නොහැකි වන්නට ඉඩ තිබුණා. මේ ආකාරයට සියලූ දෙනා සමග අත්වැල් බැඳගනිමින්, රටේ ජීවනාලිය වන කිරි ගොවීන්ගේ ජීවිත නගාසිටුවීමට දායක වීමට හැකිවීම අපට විශාල සතුටක්.” සුනිල් සේති මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.

    ෆොන්ටෙරා කිරි සංවර්ධන වැඩසටහන 2014 වසරේදී ක‍්‍රියාවට නංවන ලද අතර කිරි පැකට්, රසකළ කිරි සහ යෝගට් වැනි ඇන්කර් සහ ඇන්කර් නිව්ඬේල් නිෂ්පාදන නිපදවීම සඳහා සෑම වසරකදීම කිරි ලීටර මිලියන 10 කට අධික ප‍්‍රමාණයක් ෆොන්ටෙරා සමාගම වෙත සපයන කිරි ගොවීන්ගේ ජීවිතවලට අත්වැලක් වීම එම වැඩසටහනේ ඉලක්කය වේ.

    ලංකා වාණිජ මණ්ඩලය සංවිධානය කරන තිරසාර ව්‍යාපෘති සම්මාන උළෙල යනු ශ‍්‍රී ලංකාවේ ආයතනික ප‍්‍රජා සත්කාර වැඩසටහන් ඇගයීමට ලක්කිරීම අරමුණු කරගත් ප‍්‍රමුඛතම සම්මාන උළෙලකි. පරිසරයට සහ ජනතාවට යහපත උදාකිරීම සඳහා සමාගම් සහ ආයතන විසින් ක‍්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති සඳහා සම්මාන පිරිනැමීමට එහිදී පියවර ගනු ලැබේ.