‍ඩොලර් මිලියන 48 ක ඇමරිකානු දුම්රිය එන්ජින් කඳුරටට

    February, 19, 2018

    කඳුරට දුම්රිය මාර්ගයේ ධාවනය සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත දුම්රිය එන්ජින් 12 ක් ප්‍රසම්පාදනය කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, එක් එන්ජිමක් ඇමරිකානු ‍ඩොලර් මිලියන 4.056ක් බැගින් වන මිලකට ඇමරිකාවේ M/s. General Electric Company වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.