08 වන වසර සඳහාත් ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍යය සමුළුවට බ‍්‍රැන්ඩික්ස් අනුග‍්‍රහය

    October, 6, 2017

    සේවා ස්ථානයේ සුරක්ෂිතතාවය සහ සෞඛ්‍ය ප‍්‍රවර්ධනය කිරීමට අඛණ්ඩවම සහයෝගය දක්වමින් බ‍්‍රැන්ඩික්ස් සමූහය විසින් 2017 ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය සමුළුව (OSH) සඳහා පිට පිටම 08 වන වසරට අනුග‍්‍රහය ලබාදීමට ඉදිරිපත් වී ඇත.

    මෙම සමුළුව, කම්කරු, කම්කරු සබඳතා සහ සබරගමුව සංවර්ධන අමාත්‍යංශයේ ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනය (NIOSH)  විසින් සංවිධානය කරන අතර සමුළුව 2017 ඔක්තෝම්බර් 11 වනදා පැවැත්වෙන්නේ ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය සතිය වැඩසටහනේ ප‍්‍රධාන අංගයක් ලෙසයි. ‘සියළු වෘත්තීය තුවාල වීම් වලක්වා ගනිමු. සුරක්ෂිතව නිවස වෙත යමු.’ යන්න මේ වසරේ තේමාව ලෙස තෝරාගෙන තිබේ.

    2017 ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය සමුළුව  සඳහා අනුග‍්‍රාහකත්වය ලබාදීමට අදාළ චෙක්පත බ‍්‍රැන්ඩික්ස් ඇපරල් ලිමිටඞ්හි අධ්‍යක්ෂ එයාර් චීෆ් මාර්ෂල් (විශ‍්‍රාමික) හර්ෂ අබේවික‍්‍රම මහතා විසින් ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් චම්පිකා අමරසිංහ මෙනෙවිය වෙත ලබාදෙන ලදීග

    ශ‍්‍රී ලංකාවේ අපනයන ක්ෂේත‍්‍රයේ වැඩිම රැුකියා සම්පාදකයා වන බ‍්‍රැන්ඩික්ස් විසින් ජාතික සුරක්ෂිතතා සතියේ වැඩසටහනක් සඳහා සහයෝගය ලබාදුන් 10 වන අවස්ථාව වන්නේ මෙයයි.

     

    බ‍්‍රැන්ඩික්ස් ඇපරල් ලිමිටඞ්හි අධ්‍යක්ෂ එයාර් චීෆ් මාර්ෂල් (විශ‍්‍රාමික) හර්ෂ අබේවික‍්‍රම මහතා (දකුණේ  සිට දෙවැනියා) අනුග‍්‍රාහක චෙක්පත ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් චම්පිකා අමරසිංහ මෙනෙවිය වෙත පිරිනමයි. මෙම අවස්ථාවට (වමේ සිට) ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේ - සහකාර මූල්‍ය අධ්‍යක්ෂ මොහාන් පෙරේරා, බ‍්‍රැන්ඩික්ස් සමූහයේ වෘත්තීය සුරක්ෂිතතා කළමනාකරු රොහාන් විජේසූරිය සහ  බ‍්‍රැන්ඩික්ස් ෆාස්ට් ෆැෂන් සහ ඇත්ලෙෂර් පර්ෂදයන්හී - සුරක්ෂිතතා හා සෞඛ්‍ය පර්ෂද කළමනාකාර සුසිත් රාජගුරු යන අයද සහභාගි විය.