2017 දෙසැම්බර් අග දී කොළඹ ඉඩම් මිල 10% කින් වැඩිවෙයි

    March, 2, 2018

    නිශ්චල දේපළ අංශයෙහි ප්‍රවර්ධනය අධීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් දර්ශක කිහිපයක් සම්පාදනය සහ විශ්ලේෂණය කරනු ලබයි. මේ අනුව 1998 වසරේ සිට කොළඹ දිස්ත්‍රික්කය ආවරණය කරමින්, අර්ධ වාර්ෂිකව ඉඩම් මිල දර්ශකය සම්පාදනය කරනු ලබයි.

    මෙම දර්ශකය ගණනය කිරීමේ දී තක්සේරු දෙපාර්තමේන්තුව විසින් සපයන කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 5 ක් ආවරණය වන පරිදි ප්‍රදේශ 50 ක පමණ ඉඩම් මිල ගණන් භාවිතා කරනු ලබයි.

    මෙහිදී ඉඩම් භාවිතය පිළිබඳ වන විවිධත්වය සැලකිල්ලට ගෙන නේවාසික, වාණිජ සහ කාර්මික යන ඉඩම් කාණ්ඩ සඳහා අනු දර්ශක තුනක් ගණනය කරනු ලබයි. මෙම අනු දර්ශක තුනෙහි සාමාන්‍ය ඇසුරෙන් ඉඩම් මිල දර්ශකය සම්පාදනය කරනු ලබයි.

    කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් මිල පිළිබඳව වන මෑතකාලීන ප්‍රවණතාවයන් නිරූපණය කරමින් ඉඩම් මිල දර්ශකය 2017 දෙසැම්බර් මස අග දී පසුගිය වසරට සාපේක්ෂව සියයට 10.4 කින් වර්ධනය විය.

    නේවාසික, වාණිජ සහ කාර්මික යන අනු දර්ශක තුනෙහිම ඉහළ යාම මේ සඳහා හේතුවිය. ඉඩම් මිල දර්ශකය සහ එහි අනු දර්ශකයන් හි විචලනයන් පහත දක්වා ඇත.