2017 පළමු කාර්තුවේ රජයේ වියදම රුපියල් මිලියන 957,365 යි

    May, 18, 2017

    2017 වර්ෂයේ පළමු කාර්තුවට අදාළව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඉදිරිපත් කළ වියදම් පිළිබඳ වාර්තාව අනුව 2017 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව අවසානයේ පුනරාවර්තන වියදම් ලෙස රුපියල් මිලියන 482,856ක් ද මූලධන වියදම් ලෙස රුපියල් මිලියන 474,509ක් ද වශයෙන් රුපියල් මිලියන 957,365ක මුළු වියදමක් රජය විසින් දරනු ලැබ ඇති බව අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගෙන තිබේ.

    ඒ අනුව, 2017 වර්ෂයේ පළමු කාර්තුවට අදාළව සකස් කරනු ලැබ ඇති වියදම් පිළිබඳ එම වාර්තාව, 2017 අයවැය යෝජනා පරිදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.