2018 ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙලේදී හේමාස් රෝහල රජත සම්මානයෙන් පිදුම් ලබයි

    February, 11, 2019

    ශ‍්‍රී ලාංකේය පුද්ගලික රෝහල් ක්ෂේත‍්‍රය වෙත ජාත්‍යන්තර ප‍්‍රමිතියේ සුවසේවාවක් පළමු වරට හඳුන්වාදුන් ඔස්ටේ‍්‍රලියාවේ ACHSI අන්තර්ජාතික ප‍්‍රමිතිකරණය හිමි මෙරට ප‍්‍රථම සහ එකම රෝහල් සමූහය වන හේමාස් රෝහල් සමූහය, පසුගියදා හිල්ටන් හෝටලයේ පැවති 15වන ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙලේදී සුවසේවා ක්ෂේත‍්‍රය වෙනුවෙන් රජත සම්මානයෙන් පිදුම් ලැබීය.

    ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙල සම්මාන සඳහා නිර්දේශ කිරීමේදී ආයතනික වශයෙන් අංශ හතක විශිෂ්ටතාවයන් පිලිබඳ දෘඩ ඇගයීමක් සිදු කරනු ලබයි. ඒ අනුව නායකත්වය, ආයතනික යහපාලනය, ධාරිතා වර්ධනය, කාර්යසාධන කළමනාකරණය ,දේශීය සහ ජාත්‍යන්තර වෙළෙඳපොල වෙත ළඟාවීම,ආයතනික සමාජීය වගකීම,පාරිසරික තිරසාරත්වය මෙන්ම මූල්‍ය වාර්තා ප‍්‍රතිපල යනාදී කරුණු සම්බන්දයෙන් හේමාස් රෝහල් සමුහය පෙන්නුම් කළ විශිෂ්ටතාවය මත මෙම සම්මානය ඔවුන් වෙත හිමි විය. ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙල ඉහළ පිළිගැනීමක් සහිත වාර්ෂික සම්මාන උළෙලකි.

    ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙල මගින් ශ‍්‍රී ලංකාවේ ආයතනික ක්ෂේත‍්‍රයේ ආයතනික කළමනාකාරිත්ව ප‍්‍රමිතීන් ඉහළ නැංවීමට උදව් වන අතර ව්‍යාපාරයන්ගේ තිරසර කළමනාකරණය සහ ශ‍්‍රී ලංකාව ඵලදායී ආයෝජන සඳහා කේන්ද්‍රස්ථානයක් බවට ජාත්‍යන්තරය තුළ හැ`ගීමක් ඇති කරලීම සඳහා විශිෂ්ට කාර්යභාරයක් සිදු කරනු ලබයි.

    ලැබූ සම්මානය පිලිබඳ අදහස් දක්වන වත්තල හේමාස් රෝහලේ අධ්‍යක්ෂ සාමාන්‍යාධිකාරී වෛද්‍ය ලසන්ත කරුණාසේකර මහතා,‘‘අපගේ සායනික මෙන්ම සායනික නොවන සේවාවන් තුළ විශිෂ්ට වූ කාර්ය සාධනයක් ලඟා කරගැනීම සඳහා ආරම්භයේ සිටම අප නිරතුරුවම කැපවීමෙන් කටයුතු කරනු ලබනවා.එහි ප‍්‍රතිඵලයක් ලෙස රෝහල් සේවාවේ ප‍්‍රමිතීන් ඉහළ නැංවීමටත් වඩාත් යවත්කාලීන වූ පහසුකම් සහ තාක්ෂණයක් ලබා දෙමින් ප‍්‍රශස්ත රෝහල් සේවාවක් අපගේ පාරිභෝගිකයින්ට ලබා දීමට නිසැක වශයෙන්ම අප සමත් වී සිටිනවා. අද දින අප ලැබූ මෙම සම්මානය අපගේ එම සාර්ථකත්වය සඳහා ලද කරන ලද ඇගයීමක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්”යනුවෙන් පැවසීය.

    ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ සම්මාන සඳහා ආයතන තෝරා ගැනීම විශිෂ්ට වූ විනිසුරු මඩුල්ලක් මගින් ජපානයේ Deming සහ ඇමරිකා එක්සත් ජනපදයේ Malcolm Bridge National Quality Award යන පිළිගත් විශිෂ්ටතා ආකෘති පදනම් කරගනිමින් කරුණු හතක් විශ්ලේෂණයට සහ ඇගයීමට භාජනය කරනු ලබයි.

    2015 වසරේදී පැවැත් වූ ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙලේදී ද හේමාස් රෝහල් සමූහය කුසලතා සම්මානයක් හිමි කර ගැනීමට සමත් විය.
    ශ‍්‍රී ලංකාවේ කීර්තිමත් රෝහල් ජාලයක් වන හේමාස් රෝහල් සමුහය ACHSI හෙවත් Australian Council for Healthcare Standards International ප‍්‍රමිතිකරණය ලද ශ‍්‍රි ලංකාවේ ප‍්‍රථම සහ එකම රෝහල් ජාලය වෙයි. එසේම OHSAS 18001^International Accreditation for Occupational Health and Safety Standards& සහතිකයද,හේමාස් රසායනාගාර ක‍්‍රියාවලිය සඳහා ISO 15189(2012 තත්ත්ව සහතිකයද හේමාස් රෝහල සමුහය සතු වේ. පළපුරුදු විශේෂඥ වෛද්‍ය වෘත්තිකයන්ගෙන් ද දක්ෂ කාර්ය මණ්ඩලයකින් මෙන්ම නවීන වෛද්‍ය ක‍්‍රම මගින් රෝගීන්ගේ සුවතාව පිලිබඳ නිරතුරුවම සොයා බලන හේමාස් රෝහල් සමුහය ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් පිළිගත් ආරක්ෂණ ක‍්‍රමොපායන්ගෙන්ද පරිපූර්ණ වේ.