2020 මුල් මාස 07 දී රජයේ බදු ආදායම 29%කින් පහළට

    October, 19, 2020

    2020 ජනවාරි - ජූලි කාලපරිච්ඡේදය තුළ දී රජයේ ආදායම් හා ප්‍රදාන 2019 වසරේ මුල් මාස 07 හා සැසදීමේ දී රු. බිලියන 1,033.0 සිට රු. බිලියන 765.4 ක් දක්වා රු. බිලියන 267.6කින් පහළ ගොස් ඇත. මෙය 25.9% ක අඩු වීමකි.

    මේ සඳහා රජයේ බදු ආදායම රු. බිලියන 944.4 සිට රු. බිලියන 670.4 ක් දක්වා රු. බිලියන 274 කින් හෙවත් 29%කින් පහළ යාම ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ. මේ අතර මෙම කාලපරිච්ඡේදය තුළ දී රජයේ බදු නොවන ආදායම රු. බිලියන 87.5 සිට රු. බිලියන 92.8 ක් දක්වා සහ ප්‍රදාන රු. බිලියන 1.1 සිට රු. බිලියන 2.1 ක් දක්වා වැඩි වී ඇත.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන සතිපතා ආර්ථික දර්ශක වාර්තාවෙහි මේ බව සඳහන් වේ.