2021 අගෝස්තු මාසයේ දී ඉන්ධන ආනයන වියදම 42.5% කින් ඉහළට

    October, 21, 2021

    ඉන්ධන සහ රෙදිපිළි හා රෙදිපිළි උපාංගවල ආනයන වියදම ඉහළ යෑම හේතුවෙන් 2021 වසරේ අගෝස්තු මාසයේ දී අන්තර් භාණ්ඩ ආනයන වියදම, 2020 වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව සියයට 27.6 කින් ඉහළ ගියේය.

    පිරිපහදු කළ ඛනිජ තෙල් සහ බොරතෙල් ආනයන පරිමාවන් පහළ ගිය ද ඒවායේ මිල ගණන් ඉහළ යාාම හේතුවෙන් 2021 වසරේ අගෝස්තු මාසයේ දී ඉන්ධන ආනයන වියදම සියයට 42.5කින් ඉහළ ගියේය (වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත). මෙහිදී බොරතෙල් ආනයන වියදම 55.4 % කින් හා පිරිපහදු කළ ඛනිජතෙල් ආනයන වියදම 37.5%කින් අගෝස්තු මාසය තුළ දී වැඩි වී තිබේ.

    බොරතෙල් බැරලයක් සඳහා වූ ආනයන වියදම, 2020 වසරේ අගෝස්තු මාසයේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් 47.74ට සාපේක්ෂව 2021 වසරේ අගෝස්තු මාසයේ දී එක්සත් ජනපද ඩොලර් 74.88ක් විය.