2021 අපනයන ආදායම ඩොලර් බිලියන 15 ඉක්මවයි

    January, 28, 2022

    2021 වසරේ දී ශ්රී ලංකාවේ භාණ්ඩ හා සේවා අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 15.1ක් උපයා ගෙන ඇති අතර එය 2020 වසරේ උපයන ලද ඇමරිකානු ඩොලර් බිලියන 12.34 හා සසඳන විට 23% වර්ධනයකි.

    ඉතිහාසයේ ප්රථම වතාවට 2021 වසරේ දී භාණ්ඩ අපනයනය ඇමරිකානු ඩොලර් බිලියන 12 සීමාව පසු කරමින් ඇමරිකානු ඩොලර් බිලියන 12.5 උපයන ලදි. එය 2021 වසරේ අපනයන ඉලක්කය අභිබවා යාමක් මෙන්ම 2020 වසරට සාපේක්ෂව 24% වර්ධනයකි.

    2021 වසරේ මාස 8 ක් තුල දී මාසික වෙළෙඳ අපනයන ආදායම ඩොලර් බිලියනයේ සීමාව පසුකර තිබීම ද විශේෂත්වයකි.

    ශ්රී ලංකාවේ භාණ්ඩ හා සේවා අපනයනය 2021 වසරේ දී ඇමෙරිකානු ඩොලර් බිලියන 15.1 ක් උපයා ගනිමින් අපේක්ෂිත ඉලක්කය කරා ළඟා වීම පිළිබඳ අපනයනකරුවන්ට විශේෂයෙන් ස්තූති කරන බව වෙළෙඳ අමාත් ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා හන් කරන ලදි.

    රටේ ශ්‍රම බලකාය සහා කඩිනමින් එන්නත් ලබාදීමේ රජයේ තීරණයත් සමඟ කර්මාන්තකරුවන් වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ ඔවුන්ගේ කැපවීම මේ න විට සාර්ථක ප්‍රතිඵල ලබාදෙමින් පවතින බව වෙළෙඳ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    සේවා අපනයනය

    2021 ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලසීමාව සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් මිලියන 2,647.75 ක් වූ අතර එය 2020 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 15.75% කින් වැඩි විය. අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ඇස්තමේන්තු කර ඇති සේවා අපනයන, තොරතුරු තාක්ෂණ සේවා/ ව්යාපාර ක්රියාවලි කළමණාකරණ සේවා (ICT/BPM), ඉදිකිරීම් සේවා, මූල්‍ය සේවා, ප්‍රවාහන සහ යටිතල පහසුකම්වලින් සමන්විත වේ.

    සංශෝධිත අපනයන ඉලක්ක සහ ජයග්‍රහණ

    2021 වසර සඳහා අපනයන සංවර්ධන මණ්ඩලයේ සංශෝධිත අපනයන පුරෝකථනය ඇමෙරිකානු ඩොලර් බිලියන 15.72ක් වන අතර ඉන් ඩොලර් බිලියන 12.14ක් වෙළඳ භාණ්ඩ අපනයනයෙන්ද, ඇමෙරිකානු ඩොලර් බිලියන 3.58ක් සේවා අපනයනවලින්ද අපේක්ෂා කරන ලදි.

    2021 ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ, ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා ඇස්තමේන්තුගත සේවා දත්ත ඇතුළුව අපනයන ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියන 15.12ක් වාර්තා කර ඇති අතර සංශෝධිත අපනයන ඉලක්කයෙන් 96.2%ක් ලබාගෙන ඇත.

    තවද, 2021 ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ වෙළඳ භාණ්ඩ අපනයන සහ සේවා අපනයන ඉපැයීම් පිළිවෙළින් සංශෝධිත අපනයන ඉලක්කයන්ගෙන් 102.78% සහ 73.88%ක් ලබා ගෙන ඇත.