2021 දී ජන සංගණනයක්

    October, 17, 2018

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් වසර 10කට වරක් පවත්වනු ලබන ජනසංගණනය 2021 වර්ෂයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

    ජන හා නිවාස සංගණනයේ ලැයිස්තුගත කිරීමේ අදියර 2020 වර්ෂයේදී සහ ගණන් ගැනීමේ හා දත්ත ප්‍රචලිත කිරීමේ අදියරයන් 2021 වර්ෂයේදී සිදු කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.